Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, May 25, 2012

‍‍"මගෙ ළග තනියට ඉනු මැනවි"

     
ඔබ මා හමුවුන    - මේ ඉර හද යට
  කොතැනක වූවත් - මා මළ දවසට

     මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....

ඔබ සිත මා සිත - හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට

    මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....

                                             
                                         ඔබ මා හමුවුන...................


                              කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
      මිරිගු සයුර වෙත පියමං කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට

  මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....
                                 

                                        ඔබ මා හමුවුන...................
                                                                                               __කරුණාරත්න දිවුල්ගනේ   
                                                                                                download ඔබ මා හමුවුන                   

Wednesday, May 23, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five

....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද  ලියැවුනු අපූරු පොතක්.... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය... දයාව... ලෙන්ගතු කම....සහෝදර බැදීම.....
තර්නල් හ‍රෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක් කොටසක් වන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර........




මුලින් කියවපු අයට මතක් වෙන්නත්,, කියවපු නැති අයට දැන ගන්නත් කළින් කොටස් ටික කියවලා ම ‍එන්නකෝ.........

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four

______________________________________________________________________

මේ සියල්ල සැරයන් ජයකොඩිට මානසිකව දැඩිව බලපෑවේය. දැන් තමාගේ කණ්ඩායමේ අයෙක් මියගොස් තවත් අයෙක් මග ඇරී තිබුණි තමාටත් තවත් අයෙකුටත් දරුණු තුවාල සිදුවී තිබේ. මෙවන් අවස්ථාවක කණ්ඩා‍යමේ නායකයා ලෙස එම කණ්ඩායමේ වගකීම දැරීමට කොතරම් අධිෂ්ටානයක් තිබිය යුතුද...? ඔහු නොසැලී තම කාර්යය ඉටු කළේය.
නමුත් ඔහුගේ බරපතල තුවාල තත්වය නිසාවෙන් සැරයන් චන්ද්‍රසිරිට නායකත්වය ගෙන කටයුතු කරන්නට සිදුවුයේ ඉබේටම ය..


සතුරු ප්‍රහාරයෙන් හානියක් නොවූ සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තුවාල ලත් සැරයන් ජයකොඩි, කෝප්‍රල් පුෂ්පකුමාර හා මියගිය සගයා‍ගේ නිසල දේහය ද රැගෙන සතුරු භූමියේ ගැඹුරට ගමන් කරන්නට විය...


තුවාලකරුවන් දෙදෙනාගේ දරුණු තුවාල නිසා රාත්‍රියේ ගමන් කිරීම ඉතා දුෂ්කර විය. තම තුවාල වූ සෙබළුන් දෙදෙනාගේ ජීවිත වෙනුවෙන් කෝප්‍රල් චන්ද‍නගේ නිසල දේහය සතුරු භුමියේ සතුරාට නොපෙනෙන්නට සගවා යාම අකමැත්තෙන් හෝ කරන්නට සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තීරණය ‍කළෝය. ඒ වෙන විකල්පයක් නොවූ හෙයිනි..


මේ වන විට ගුවන් විදුලි යන්ත්‍රයට හානි සිදුවී තිබූ හෙයින් මූලස්ථානය සමග සම්බන්ධතා සම්පූර්ණයෙන් ඇණහිට තිබුණි. නිසැකවම සතුරා වනය පීරමින් තමන් හඹා එන බැව් දත් සැරයන් චන්ද්‍රසිරි ගමන ඉක්මන් කළේය. නමුත් ඉතා අමාරු තත්වයක සිටි තුවාලකරුවන් සමග ගමන් කිරීම ලෙහෙසි පහසු නොවීය...


"මාව දාලා පලයල්ලා.... පලයන් යකුනේ... උඹලටත් මැරෙන්න වෙයි... පුෂ්පයත් අරන් පලයන්..." සැරයන් ජයකොඩි සැරයන් චන්ද්‍රසිරිට අණ දුන්නේය..


"බෑ..... සාජන් එහෙම කරන්න බෑ.." එහෙම කරන්නෙත් නැහැ"


ඔහුගේ වචනවල දැඩි බව නිසා සැරයන් ජයකොඩි කට පියා ගත්තේය


"එහෙනම් මාවයි පුෂ්පයවයි හංගලා ඉක්මනට යන්න..."


"ඒක තමයි සාජන් මේ කරන්න හදන්නේ.... කෑ ගහන්න එපා.."


සැරයන් චන්ද්‍රසිරි කෝප්‍රල් සේනාධීර සමග එක්වී තුවාල ලත් තම සගයින් භූමියේ ඇති දෑ යොදා ගනිමින් සගවා අනතුරුව සතුරා මුළාකරන මං සළකුණු ඇති කරමින් ඉදිරියට ගමන් කළේය..


තමන් සිතූ පරිදි සතුරා කැළය පීරමින් එන හඩ සැරයන් ජයකොඩිට ඇසුණි..........................
__________________________________________
                                                                                මතු සම්බන්ධයි

...මිනි වළවල් කපන්නාගේ අදෝනාව...




මේ වීඩි‍යෝ එක උපුටා ගත්තේ "මචං" චිත්‍රපටයෙන්

අපේ අතරේත් මේ වගේ අසරණ ‍මිනිසුන් ඇත..ඔවුන් තුළත් ආදරය ඇත...
--------------------------------------------------------------------------------------------
ඔබේ ළග ඇති මෙවැනි වීඩියෝ මට ඊ මේල් කරන්න --  dakendheera@gmail.com

Friday, May 18, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four

කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපුරු පොතක්..... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය.. දයාව... ලෙන්ගතුකම... සහෝදර බැදීම.......
කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක කොටසක් වෙන "ඇයි උඹලා මාත් එක්ක මැ‍රෙන්න කැමති නැද්ද?? මේ ‍බ්ලොග් අඩවියේ පළකරන්න හිතුවා..... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර....


මුලින් කියවපු අයට මතක් වෙන්නත්..... කියවපු නැති අයට දැන ගන්නත් එක්ක කලින් කොටස් ටික කියවලම එන්න....
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three

__________________________________________________________________

 ඒ මග ඔවුන්ට දැඩි ෆ්ලෑෂර් එළියක් සමගින් ප්‍රහාරයක් එල්ල විය. අල කණ්ඩායමේ සාමාජිකයින් සිටියේ හය දෙනෙකු වුවද, ඔවුන්ද ක්ෂණිකව ඝන අන්ධකාරයේ ප්‍රහාර එල්ල කරන්නට විය. විනාඩි කිහිපයක් දෙපසින් ම වෙඩි පහරවල් හුවමාරු විය.


එක්වර ම .............................. කෝප්‍රල් චන්දගේ අතින් ගිනි අවිය විසි විය... නැවතත් අසීරුවෙන් ඔහු එය අහුලා වෙඩි තබන්නට පටන් ගත් අයුරු දුටු සැරයන් ජයකොඩි,,,,


"කෝප්‍රල් මොකද....??" යැයි මහ හඩින් ඇසුවේය. ඔහු වේදනා භරිත මුහුණින් ඔහු දෙස බලා නැවතත් වෙඩි තැබුවා මිස වචනයක් කීවේ නැත..





කොප්‍රල් චන්දනට වෙඩි වැදී ඇති බව ක්ෂණිකව ඔහුට වැටහුණි. වහා තීරණයක් ගත් ඔහු සිය සගයා සතුරාගේ වෙඩි ප්‍රහාරයෙන් බේරාගැනීමේ අරමුණින් බිම දිගේම තරමක් දුරට ඇදගෙන ගොස් තම කර මතට ගන්නවාත් සමගම එල්ලවූ තවත් දැඩි ප්‍රහාරයකින් චන්දනගේ හිස සිදුරු වී ගියේය. ඔහු බිම තැබූ සැරයන් ජයකොඩිට තව තප්පර කිහිපයකට වඩා ආයුෂ නැති බැවි වැටහුනී. සමීපතම සගයෙකු අහිමි වීම හමුදා ජීවිතයේ සෙබළෙකු ලබන අමිහිරි ම අත්දැකීමකි...


දෙනෙතින් කදුළු වැටීමට ඉඩ නොදී ඔහු සිය සගයාගේ හිස තම පපුවට තදකර ගත්තේය.. මියයමින් සිටි මිනිසාට එයද සහනයක් වන්නට ඇත. තම සමීපතමයෙකුගේ තුරුලෙහි මියයාම.....


නැවතත් තම මියගිය සගයාගේ නිසල දේහය රැගෙන මීටර් දහයකට වඩා වැඩි දුරක් ඔහුට ගමන් කළ නොහැකි විය. තම යටිබඩ ප්‍රදේශයෙන් ගිනි පිටවනු ඔහුට දැනුනේය. දණහිසින් බිම ඇද වැටුනු ඔහුගේ උරහිසින් කෝප්‍රල් චන්දන විසි වී ගියේ ය.... තම කලිසමෙහි ෂිපර් එක විනිවිද උණ්ඩය ගිය සිදුර ඔහු අතගා බැලුවේය. වෘෂණ කෝෂය ඉරී එක් වෘෂණයක් නහර වැල් වලින් එල්ලී තිබූ බැව් එවෙලෙහි ඔහුට නොවැටහුණි....


සැරයන් ජයකොඩිට තවදුරටත් තම සගයා තමාට ගෙන යා නොහැකි බැව් වැටහුණේය. අසීරුවෙන් චන්දනගේ නිසල දේහය ඇදගෙන ගොස් සැගවූ ඔහු චන්දනගේ සියලු යුද උපකරණ තමා භාරයට ගත්තේ බැරිවී හෝ චන්දන ගෙන යාමට නොහැකි වුවහොත් ඒවා සතුරා අතට පත් නොවීමට වගබලා ගනිමිනි....


ඒ වන විටත් අනෙකුත් සගයින් සතුරා සමග ගැටෙමින් කණ්ඩා‍යමේ අවසාන සෙබළා දක්වා තමාට ඇති රාජකාරියා මනාව ඉටුකරමින් 
සිටියෝ ය. අසීරුවෙන් හා අමාරුවෙන් ඔහු කණ්ඩාය පසුපසට ගැනීමට  තීරණය කලේය. ඒ තවත් සගයෙකු තමාට අහිමි වේ යැයි චකිතයෙනි... මන්ද යත්, ඒ වන විට කෝප්‍රල් පුෂ්පකුමාටගේ පාදවලට දැඩි ලෙස හානිවී තිබුනෙන් ඔහු වෙඩි තබමින් දණගාන්නට වු නිසාය.


"කෝප්‍රල් මේ පැත්තට එන්න..." ඔහු දණගාමින් වෙඩි තබන කෝප්‍රල් පුෂ්පකුමාරට කථ ‍කළේය.


"සාජන්.... මං ගැන නෙමෙයි... ප්‍රියන්ත ගැන බලන්න... දැන් ටිකකට කලින් හිටියා... පේන්න නෑ.."
___________________________________________
                                                                 මතු සම්බන්ධයි

Monday, May 14, 2012

Friday, May 11, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three

කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදාවේ ක්‍රියාන්විත පිළිබද ලියවුනු අපූරු ග්‍රත්ථයක්... ඒ ග්‍රන්ථයේ එක් කොටසක් වන ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා...
මේ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර.....


මුලින් කියවපු නැති අයට කියවන්නත් කියවපු අයට මතක් වෙන්නත් , කතාවේ මුල් කොටස් ටික කියවලා ම එන්න
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part two

_______________________________________


"සමූහ සතුරු නාශක වෙඩි ටික චෙක් වෙයි ද? එළියට පේනව ද?"


"නෑ මෝඩයෝ"


"එහෙනං"


"මටවත් සමූහ සතුරු නාශක වෙඩි හොයාගන්න බැරි වුණා කොහෙද හැංගුවේ? දැම්මේ කියපු තැන නෙමෙයි ද?"


                   ඔවුහු සතුටින් සිනාසුනහ. "සාජන්ගේ උකුසු ඇස් වලට අහුවෙන්නෑ කියන්නේ... අයේ මොකෙකුටවත් හොයන්න බෑ".. "එතනම තමයි දැම්මේ යං මං පෙන්වන්නම්". අයෙකු ඉදිරිපත් විය...


දිගුදුර විහිදුම් කණ්ඩය තම වතුර බෝතලය පවා භුමියට අනුව වෙස් ගැන්වීම සිදුකරන්නේ නිරීක්ෂණ හැකියාවට වඩා තම ශිල්පීය දක්ෂතා තුළින් සතුරාට වඩා සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමනි. මෙහිදී ද සතුරා දිනකට මාර්ගය දෙපස නිරීක්ෂණ මුර සංචාර කොපමණ සිදුකළත්, කිසිදු ආකාරයකින් සතුරු ඇස නොගැටෙන්නට සමූහ සතුරු නාශක වෙඩි හා ඩෙටිකෝඩ් සගවා තැබුවේ ඒ සියල්ල ම එම භූමියේ ම කොටසක් සේ දිස්වන අයුරිනි...


විශේෂිතම සිදුවීම එය නොවේ.ඔවුන් එය සිදුකළේ රාත්‍රී කාලයේ වීමයි.. ඝන අන්ධකාරයේ අඩි සළකුණක් හෝ නොසිටින අයුරින් එවැනි කාර්යයන් කිරීම සැබැවින් ම ඔවුන්ගේ කුසලතාවය පෙන්නුම් කරන කදිම නිදසුනකි. දිගුදුර විහිදුම් සෙබළෙකු සතු ඉවසීමේ ගුණය, යමක් පෙර විනිශ්චය කිරීමේ හැකියාව, අධිෂ්ඨානය, පුහුණුව , දක්ෂතාවය හා පළපුරුද්ද මේ සියල්ලේ ම සුසංයෝගයෙන් නිර්මාණය වන්නේ ඉතා හොද සාර්ථක පිරිපුන් සෙබළෙකු බව පෙන්නුම් කරන්නට ඒ සමූහ සතුරු නාශක වෙඩි සැගවීම ම ප්‍රමාණවත් විය...


දින 3ක්  බලා සිටියහ තුන්වන දින සවස පහට පමණ සතුරු නායකයන් රැගත් කැබ් රථයකට හා යතුරු පැදියකට එකවර පහර දී සිය අරමුණ ඉටුකර ගත්තේ හෙලූ දහඩිය හා කළ කැප කිරීමට සරිලන ප්‍රථිපලයක් අත් කරගැනීමට හැකිවීම ගැන උද්දාමයට පත් වෙමිනි...


ක්ෂණිකව පසු බැසීම ඇරඹුණි. සැරයන් ජයකොඩිගේ කණ්ඩායමට ආපසු ගමනේ දී හමුවු පළමු බාධකය වූයේ මාන්කුලම් තුනුක්කායි මාර්ගයයි. සතුරා දැඩි රැකවල් ඔවුන්ගේ අභ්‍යන්තර යොදා තිබූ නිසවෙන් ඉතා සුපරික්ෂාකාරීව එම මාර්ගය නිරීක්ෂණය කර සැරයන් ජයකොඩි රාත්‍රී නවයෙන් පසු එම මාර්ගයට ළගා වීමට තීරණය කළේ ය...


සතුරු භුමිය තුළ දිගුදුර විහිදුම් සෙබළෙකුට තම ජීවිතය පිළබද ඇති අවදානම එහීදී ඔවුන්ට හොදහැ‍ටි පසක් විය. එදින සවස් භාගයේ විමර්ෂනයේ දී හසු නොවුනු මාර්ග බාධකයක් රාත්‍රියෙහි එහි විය.......


"සාජන්... හවස රෙකියේදී මේක මෙතන තිබුනේ නෑ... හොදටම ෂුවර් .." එක් අයෙක් කීවේය.


"හරි.. හරි.. කෝප්‍රල් මට ඔයාව විශ්වාසයි.. මේක හවස් වෙලා දාලා තියෙන්නේ.. අපිව හොයා ගන්නකං උන්ට නින්ද යන්නේ නෑ..." සැරයන් ජයකොඩි කිව්වේ ඔහු අස්වසන්නට ය.


"ඉවරයි... සාජන් අපිව චෙක් වෙලා වගේ විස්සක් තිහක් මේ පැත්තට එනවා"             
                                            ---මතු සම්බන්ධයි

Thursday, May 10, 2012

ඇස් ආදරෙන් පුරෝනා

               ඇස් ආදරෙන් පුරෝනා - හිත පාළුවෙන් ගලෝනා
                                  ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ - මා හදවතින් ම උමතු වී තියේ //


ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ මා ළග නෑනේ
නුදුරේදි ම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ


ඉඩ දෙන්නම් පපුතුරේ - නැළවෙනු මැන සොදුරියේ
                 මට ඔබම තමයි ඕනා


ඇස් ආදරෙන් පුරෝනා......


රැක ගන්නම් ජීවිතයම වාගේ 
එක මොහොතක් හද ගත්තා නම් මාගේ
සැනහෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගේ හීනේ


නොසිදෙන මහ සාගරේ - තරමට මගේ ආදරේ
                මට ඔබම තමයි ඕනා




ඇස් ආදරෙන් පුරෝනා...........         
                     
                                                                                      ඇස් ආදරෙන් පුරෝනා - කවීෂ කවිරාජ්

Saturday, May 5, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two

"කිසිවිටකත් සතුරාට යටත් නොවන මා"... අපේ හමුදාවෙ ක්‍රියාන්විත පිළිබද ලියවුනු අපූරු ග්‍රන්ථයක්... ඒ ග්‍රන්ථයේ එක් කොටසක් වන ඇයි "උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මෙම බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා...
මේ කොටස ලියන්නේ මේජර් ශෘමින්ද අබේසේකර




කතාවේ පළවෙනි කොටස කියවන්න බැරිවුන අය ගිහිං කියවන්න
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one



............සැරයන් ජයකොඩිට තම අණදෙන නිලධාරි දුන් ඔවදන් සිහි විය...


"සැරයන් ජයකොඩි.. මතක තියා ගන්න මේක බොහොම රහසිගතව ආරක්ෂිතව සිදුකළ යුතු මෙහෙයුමක්.. මෙච්චර කල් කරපු හැම ක්‍රියාන්විතයක් වගේම මේකත් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.."


විශේෂ බළකා පුහුණුව ලත් සොල්දාදුවෙකු සතු ඔහුටම ආවේණික වු ශිල්පීය දක්ෂතා තම පෙර අත්දැකීම් සමග එකට එකතු කරගනිමින් මෙම කණ්ඩය තම ඉලක්කය කරා ළගාවුයේ සතුරු භුමිය තුළ තම යුද මුලධර්ම මැනවින් පවත්වා ගනිමිනි.....


මෙහිදී විශේෂිත වන්නේ කණ්ඩායම සතුරු භුමිය තුළ සිටින බවට සැක සහිත සාක්ෂියක් එම භුමිය තුළ ඉතිරි නොකිරීමය. එනම් තම පා සළකුණු, කණ්ඩායම නැවතී සිටි ස්ථාන හෝ අවම වශයෙන් කැළය තුළ වු කුඩා පැළයකටවත් හානි නොවන්නට ක්‍රියා කරනුයේ ඒ සෑම ක්‍රියාවක්ම ක්‍රියාන්විත සාර්ථකත්වයට බලපාන නිසාය...


කෙසේ හෝ තමා සතු ශිල්පීය දක්ෂතාවය උපයෝගී කරගනිමින් කණ්ඩායම ඉලක්කගත භුමිය කරා ළගා වුහ.. නමුත්,ඒ 9 මාර්ගයට සතුරා දැඩි රැකවල් යොදා තිබුණි. ඒ ඔවුන්ගේ ප්‍රධානතම සැපයම් මාර්ගය හා නායකයින් ගමන් ගන්නා මාර්ගය වු බැවිනි... එසේ වුවද ඉතා සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසුව භුමිය තුළ ඇති ඉතා තුඩා වැලි කැටය පවා තම වාසියට යොදා ගැනිමින් සූක්ෂම ලෙස සමූහ සතුරු නාශක වෙඩි ස්ථානගත කර සැගවූයේ කිසිදු ආකාරයකින් සතුරාට නිරීක්ෂණය නොවන ලෙසටය....


තම කණ්ඩායමේ දෙදෙනෙකු දැමූ සමූහ නාශක වෙඩිවල ආරක්ෂාව තහවුරු කරගන්නට ගොස් ආපසු පැමිණි සැරයන්ගේ මුහුණෙහි ප්‍රශ්නාර්ථයක් ගැබ්ව ඇති බව දුටු සෙස්සෝ විමසිලිත් වූහ


"ඇයි සාජන් මොකක් හරි ප්‍රශ්නයක්ද?"


"ඔව්....."
                     ---මතු සම්බන්ධයි
___________________________________________________________________
අපේ රට රකින දේවතාවන් පිළිබද ලියවුනු මේ පොත ඔබලාත් මිලදී ගෙන කියවන්න
"කිසිවිටකත් සතුරාට යටත් නොවන මා"

Tuesday, May 1, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one

"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" මගේ ආසම පොත....මේක ලියලා තියෙන්නේ කර්නල් හරේන්ද්‍ර රණසිංහ... මේකෙ ලියවිලා තියෙන්නේ අපේ ආදරණීය යුධ සෙබළුන් අපේ ලංකා මාතාව බේරගන්න කරපු සටන ගැන... ඇත්තම ඇත්ත කථා.. ඔවුන් එකිනෙකාට ආදරය කළා.. සමහරු තමන්ගේ සගයා බේරගන්න ජීවිත පූජා කළා.. තමාගේ සොහොයුරන් සතුරන් අතට පත් වෙන්න දුන්නෑ... මේ පොතේ මගේ සිත් ගත්  "ඇයි උඔලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද" කොටස ඔබ හමුවේ තබන්නම්................මේ කොටස ලියලා තියෙන්නේ මේජර් ගාමින්ද අබේසේකර


මගේ දේශය - මගේ ජාතිය
මගේ ආගම.. මට ලබාදුන් ත්‍යාගයයි
චන්ඩ මාරුතයේ නොසෙල්වෙන 
චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස ‍
බියෙන් හැකිලී නෑමී යා නම්
එවන් සිරුරක් කුමකටද මට
ගෙලෙන් සිද එය ඉවතලනු මිස

වන්නි මානුෂීය මෙහෙයුම් මැද භාගයේදී ඊට සම්බන්ධවී සිටි සේනාංකයන් මන්නාරම් දෙසින් උතුරටත්, වන්නි ප්‍රදේශයෙන් උතුරටත්,වැලිඔය ප්‍රදේශයෙන් මුලතිව් දෙසටත් හා මුහමාලේ සිට අලිමංකඩ දෙසටත් ඇදෙමින් සිටියදී එම ක්‍රියාන්විතයන් හි සාර්ථකත්වයට පදනම පිණිස විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් වඩ වඩාත් සිදු කිරීමට විය. කොටි ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවයන් සහ පරිපාලන ජාලය බිද හෙළීමද මෙහි එක් අරමුණක් විය. ඒ විශිෂ්ට පරමාර්ථය නිසාවෙන් උපන් අතුරු කථාවකි මේ..

"සැරයන් ටිකකට නවතිමු ද."

"ඇයි කෝප්‍රල් මොකද උනේ.?"

"පැක් එක අවුට් ගිහින් වගේ".

ඔවුහු නිහඩව නැවතී  මදක් විවේක ගන්නට වූහ. සැරයන් ජයකොඩි සමග දිගුදුර විහිදුම් කණ්ඩයේ සය දෙනෙකු මාන්කුලම් කොකාවිල් ඒ-9 මාර්ගයේ සතුරාගේ අධි ආරක්ෂිත කලාපය තුළ රැකසිට පහරදීමකට පැමිණියේ ය.

මෙහි ඉතිරි කොටස ලගදීම ඔබට ගෙන එමි..





මගේ පාසල ළගට වෙලා

හදවත පතුලේ සදා

තරු නිවා දමා - සද සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් - කල් ගෙවී ගියත් 
තනිවී ඉන්නට සිතුනා

හදවත පතුලෙ සාදා... මගෙ පාසැල ලගට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා


පන්තිය පාලුයි - කවුරුත් ‍නෑ අද 
අදුරු වැටී හිත හඩවනවා
මැවී මැවී ඒ - සොදුරු අතීතය
සිනා හඩින් මා පුබුදනවා

හදවත පතුලේ..........


දග වැඩ සිහි වී - කදුළු මැකෙනාවා 
කවුරුන්දෝ මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය - යහළුවනේ අද 
කවදද යළි අපි හමුවන්නේ

හදවත පතුළේ සදා......
                                                                               :- download හදවත පතු‍ළේ සදා