Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, May 18, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four

කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපුරු පොතක්..... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය.. දයාව... ලෙන්ගතුකම... සහෝදර බැදීම.......
කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක කොටසක් වෙන "ඇයි උඹලා මාත් එක්ක මැ‍රෙන්න කැමති නැද්ද?? මේ ‍බ්ලොග් අඩවියේ පළකරන්න හිතුවා..... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර....


මුලින් කියවපු අයට මතක් වෙන්නත්..... කියවපු නැති අයට දැන ගන්නත් එක්ක කලින් කොටස් ටික කියවලම එන්න....
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three

__________________________________________________________________

 ඒ මග ඔවුන්ට දැඩි ෆ්ලෑෂර් එළියක් සමගින් ප්‍රහාරයක් එල්ල විය. අල කණ්ඩායමේ සාමාජිකයින් සිටියේ හය දෙනෙකු වුවද, ඔවුන්ද ක්ෂණිකව ඝන අන්ධකාරයේ ප්‍රහාර එල්ල කරන්නට විය. විනාඩි කිහිපයක් දෙපසින් ම වෙඩි පහරවල් හුවමාරු විය.


එක්වර ම .............................. කෝප්‍රල් චන්දගේ අතින් ගිනි අවිය විසි විය... නැවතත් අසීරුවෙන් ඔහු එය අහුලා වෙඩි තබන්නට පටන් ගත් අයුරු දුටු සැරයන් ජයකොඩි,,,,


"කෝප්‍රල් මොකද....??" යැයි මහ හඩින් ඇසුවේය. ඔහු වේදනා භරිත මුහුණින් ඔහු දෙස බලා නැවතත් වෙඩි තැබුවා මිස වචනයක් කීවේ නැත..





කොප්‍රල් චන්දනට වෙඩි වැදී ඇති බව ක්ෂණිකව ඔහුට වැටහුණි. වහා තීරණයක් ගත් ඔහු සිය සගයා සතුරාගේ වෙඩි ප්‍රහාරයෙන් බේරාගැනීමේ අරමුණින් බිම දිගේම තරමක් දුරට ඇදගෙන ගොස් තම කර මතට ගන්නවාත් සමගම එල්ලවූ තවත් දැඩි ප්‍රහාරයකින් චන්දනගේ හිස සිදුරු වී ගියේය. ඔහු බිම තැබූ සැරයන් ජයකොඩිට තව තප්පර කිහිපයකට වඩා ආයුෂ නැති බැවි වැටහුනී. සමීපතම සගයෙකු අහිමි වීම හමුදා ජීවිතයේ සෙබළෙකු ලබන අමිහිරි ම අත්දැකීමකි...


දෙනෙතින් කදුළු වැටීමට ඉඩ නොදී ඔහු සිය සගයාගේ හිස තම පපුවට තදකර ගත්තේය.. මියයමින් සිටි මිනිසාට එයද සහනයක් වන්නට ඇත. තම සමීපතමයෙකුගේ තුරුලෙහි මියයාම.....


නැවතත් තම මියගිය සගයාගේ නිසල දේහය රැගෙන මීටර් දහයකට වඩා වැඩි දුරක් ඔහුට ගමන් කළ නොහැකි විය. තම යටිබඩ ප්‍රදේශයෙන් ගිනි පිටවනු ඔහුට දැනුනේය. දණහිසින් බිම ඇද වැටුනු ඔහුගේ උරහිසින් කෝප්‍රල් චන්දන විසි වී ගියේ ය.... තම කලිසමෙහි ෂිපර් එක විනිවිද උණ්ඩය ගිය සිදුර ඔහු අතගා බැලුවේය. වෘෂණ කෝෂය ඉරී එක් වෘෂණයක් නහර වැල් වලින් එල්ලී තිබූ බැව් එවෙලෙහි ඔහුට නොවැටහුණි....


සැරයන් ජයකොඩිට තවදුරටත් තම සගයා තමාට ගෙන යා නොහැකි බැව් වැටහුණේය. අසීරුවෙන් චන්දනගේ නිසල දේහය ඇදගෙන ගොස් සැගවූ ඔහු චන්දනගේ සියලු යුද උපකරණ තමා භාරයට ගත්තේ බැරිවී හෝ චන්දන ගෙන යාමට නොහැකි වුවහොත් ඒවා සතුරා අතට පත් නොවීමට වගබලා ගනිමිනි....


ඒ වන විටත් අනෙකුත් සගයින් සතුරා සමග ගැටෙමින් කණ්ඩා‍යමේ අවසාන සෙබළා දක්වා තමාට ඇති රාජකාරියා මනාව ඉටුකරමින් 
සිටියෝ ය. අසීරුවෙන් හා අමාරුවෙන් ඔහු කණ්ඩාය පසුපසට ගැනීමට  තීරණය කලේය. ඒ තවත් සගයෙකු තමාට අහිමි වේ යැයි චකිතයෙනි... මන්ද යත්, ඒ වන විට කෝප්‍රල් පුෂ්පකුමාටගේ පාදවලට දැඩි ලෙස හානිවී තිබුනෙන් ඔහු වෙඩි තබමින් දණගාන්නට වු නිසාය.


"කෝප්‍රල් මේ පැත්තට එන්න..." ඔහු දණගාමින් වෙඩි තබන කෝප්‍රල් පුෂ්පකුමාරට කථ ‍කළේය.


"සාජන්.... මං ගැන නෙමෙයි... ප්‍රියන්ත ගැන බලන්න... දැන් ටිකකට කලින් හිටියා... පේන්න නෑ.."
___________________________________________
                                                                 මතු සම්බන්ධයි

No comments:

Post a Comment