Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet
Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

Saturday, January 19, 2013

Manik Apsaravi (මැණික් අප්සරාවී) - Tharindu Alsakularathne


මගෙ මැණික් අප්සරාවී - විදවන්න පුළුවන් ද මට මේ තරම්
හිත හැඩුම් නෑ... නෙත නින්ද නෑ....
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවී

තාරකා ඇස් ඇහිදිමින් - ඔබ සොයනවා.. මග ගෙවනවා
ඔබේ දෙපා මුල පුද දි දී
සුවද මල් තව පිපෙනවා

විදගන්න මට මගේ ජීවිතේ 
කියා දෙනවද.. ආදරේ....

මගෙ මැණික් අප්සරාවී...

බෙදාගන්නට බැරි දුරින් - ඔබ හිනැහුනා... මම වැලපුනා
ඔබේ කදුළු බිදුවට පින් දි දී මම 
මිරිගු දිය බොනවා


විදගන්න ම‍ට මගේ ජීවිතේ
කියා දෙනවද.. ආදරේ...

මගෙ මැණික් අප්සරාවී

Download Manik Apsaravi mp3 - Tharindu Alsakularathne


Friday, January 18, 2013

Iwasaida manda (ඉවසයිද මන්දා) Athula & Samitha



F-ඉවසයිද මන්දා - මා දුන් රිදුම්
වෙන් වීලා ආදා - වෙනතක් බලන්
උන්නාට මා රහසේ - තුරුලක හෙමින්
මට ඉන්න බෑ මේ - මතකෙට හොරෙන්

M-තනියෙන් ම වින්දා - දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ - දෙනෙතේ ඉතින් 
ගියදාම ඔබ ඔහු හා - ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුනා - සත්තයි හෙමින්

M-ගොළු වෙච්ච තරු දෑසේ
කදුලැල් උනන්නේ
දරාගන්න බෑ මේ - මතකේ විලාපේ

F-ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැක ගන්න බැරි වුනේ සංසාරේ ආදරේ

M-ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මා ද නැති වුනා සත්තයි හෙමින්

F-මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ 
ආයෙගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

M-ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරි මැරි උපදී මේ සංසාරෙ ආදරෙ

F-උන්නා‍ට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

F-ඉවසයිද මන්දා.....

M-තනියෙන් ම වින්දා.....

Sunday, July 15, 2012

සිනා මල් කැකුළු පුබුදා

සිනා මල් කැකුළු පුබුදා        - ඈ කීවා මට හොරෙන් 
ඔබ මා ළගින් ඉන්න සැමදා - මා තුරුළු කරන් ආදරෙන්


මා හද පෙම් කළ අහිංසකාවී 
            ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි//


ඔබගේ කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුනා


සිනා මල් කැකුළු පුබුදා.....


ඔබ දකිනා තුරු මා රැදුනේ 
           ඔබ දුන් ඒ පැතුමක් ගානේ//


රහසින් වාගේ ඔබ මට කීවේ
රැදුනා මහදේ කෙල්ලේ


සිනා මල් කැකුළු පුබුදා....



Tuesday, July 10, 2012

ජීවිතයේ අවසාන ගීතය


මේක කොල්ලෙක් එයාගේ ජීවිතේ කියපු අවසාන සින්දුව


එක රැයක මෙයා ආදරෙන් පැරදුනා (කෙල්ල බූට් එක තියලා)
මේ fast beat සින්දු එයා හද පතුලෙන් ම  Slow beat විදියට කිව්වා...


පස්සේ දවසෙ බයික් එකේ යනකොට එයා මැරුනා
තවත් නියම ආදරවන්තයෙක් වගේ ම සංගීතඥයෙක් ලෝකෙට නැතිවුනා

Friday, July 6, 2012

මත් මල් සේයා




මත් මල් සේයා පාවී පාවී දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
ලා ඉරේ රන් මැවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

 නා....න... නා...න.....

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සද රේණු යායේ - මුදු සීත පිරුනේ
ලංවෙන්න මා නෙත් පියා

උදාවේ මා.... සැබෑවේ මුදා....
නෙක ස්වර්ණ රැස් රගනා වැහි ති‍‍රේ

නා.....න.... නා....න.....

ඔබ ගාව සීතේ - හිත.හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා

උදාවේ මා.....

නා....න....නා...න....




මත් මල් - කසුන් කල්හාර



Friday, June 29, 2012

නොදැක ඉන්න බෑ ම‍ට නම් මගෙ ආදරී





නොදැක ඉන්න බෑ මට‍ නම්  - මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ මට නම් - ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට‍ නම් - කිසි දා ප්‍රියේ 
නොවිද ඉන්න බෑ.... ඔබේ ආදරේ


පැහැදුන් කතා  -   මතකේ වෙලා 
දෙනුවන් තෙමා -  පියමන් කලා


පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනාවා ඔභ කී කතා මුළු රෑ පුරා


මතකේ දරා හිදීමී සදා //


මිහිදුම් වලා   -   සලුවෙන් වෙලා 
පැතුමන් දරා  -   රකිමී සදා


පෙර පෑ සිනා පූජා කළා    - අදුරේ තියා
සගවා දමා මේ වේදනා      - යළි එන තුරා


දිවියේ පුරා ඉදිමී බලා  //


නොදැක ඉන්න බෑ....



නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි

Thursday, June 14, 2012

'''තාත්ත රජෙක් තමයි'''




රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි 
කාළේ
තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවෙ නෑ කිසි කාළේ..//

ඔබෙ ඡායාවත් ඇති තනියට ළග ඉන්න 
ලොව මායාවන් හැක ඔබගෙන් සිදලන්න
දරු සෙනෙහස ඔබ පිදු කෙළෙස අප ගන්නේ
ජීවතේ පුරා ගැයුවත් නැත නිමවන්නේ 
ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ
ඒ පුදුමය විතරයි අපට ඉතිරිවන්නේ

රජෙකුට වගේ බයයි..//


සැරවැර අසමින් ඔබේ පොඩි කළ අපි ඇඩුවා
කිසිවෙකු හට අප හඩවන මග ඔබ වැසුවා
සුරතල් බස් නෑ නිහඩව අප දෙස බැලුවා
අසරණ දා ඔබෙ ආදරයේ සිරි දුටුවා

දරු සෙනෙහස ඔබ පිදු........


රජෙකුට වගේ බයයි....//


Friday, June 8, 2012

අටේ පන්තිය - Hesh ft Nathasha

හදා ගත්තෙ මාගෙ සිත මා බොහෝ වේදනාවෙන්
සමන් පිච්ච මාල සුවදින් මගේ සිත වශී වුනා


ගෙනත් දුන්න ලේන්සු ගානේ කදුළු මල් සිනාසුනා
සදුදා සමිතියේ දී කිව්වේ ඔබට ලිව්ව ගී තමා




                                     අටේ පන්තියේ බාලේ ඒ කාලේ 
                                     ලංවීලා ගත්ත පින්තූරේ
                          
                          ඒවා මං අතින් ගිනි දමාලා අළු කලා
                          කදුලැල් වෑහේ සුසුමන් බේරේ



හදා ගත්තේ මාගේ..... 
_____________________________________________



Friday, May 25, 2012

‍‍"මගෙ ළග තනියට ඉනු මැනවි"

     
ඔබ මා හමුවුන    - මේ ඉර හද යට
  කොතැනක වූවත් - මා මළ දවසට

     මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....

ඔබ සිත මා සිත - හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට

    මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....

                                             
                                         ඔබ මා හමුවුන...................


                              කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
      මිරිගු සයුර වෙත පියමං කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට

  මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....
                                 

                                        ඔබ මා හමුවුන...................
                                                                                               __කරුණාරත්න දිවුල්ගනේ   
                                                                                                download ඔබ මා හමුවුන                   

Thursday, May 10, 2012

ඇස් ආදරෙන් පුරෝනා

               ඇස් ආදරෙන් පුරෝනා - හිත පාළුවෙන් ගලෝනා
                                  ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ - මා හදවතින් ම උමතු වී තියේ //


ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ මා ළග නෑනේ
නුදුරේදි ම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ


ඉඩ දෙන්නම් පපුතුරේ - නැළවෙනු මැන සොදුරියේ
                 මට ඔබම තමයි ඕනා


ඇස් ආදරෙන් පුරෝනා......


රැක ගන්නම් ජීවිතයම වාගේ 
එක මොහොතක් හද ගත්තා නම් මාගේ
සැනහෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගේ හීනේ


නොසිදෙන මහ සාගරේ - තරමට මගේ ආදරේ
                මට ඔබම තමයි ඕනා




ඇස් ආදරෙන් පුරෝනා...........         
                     
                                                                                      ඇස් ආදරෙන් පුරෝනා - කවීෂ කවිරාජ්

Tuesday, May 1, 2012

මගේ පාසල ළගට වෙලා

හදවත පතුලේ සදා

තරු නිවා දමා - සද සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් - කල් ගෙවී ගියත් 
තනිවී ඉන්නට සිතුනා

හදවත පතුලෙ සාදා... මගෙ පාසැල ලගට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා


පන්තිය පාලුයි - කවුරුත් ‍නෑ අද 
අදුරු වැටී හිත හඩවනවා
මැවී මැවී ඒ - සොදුරු අතීතය
සිනා හඩින් මා පුබුදනවා

හදවත පතුලේ..........


දග වැඩ සිහි වී - කදුළු මැකෙනාවා 
කවුරුන්දෝ මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය - යහළුවනේ අද 
කවදද යළි අපි හමුවන්නේ

හදවත පතුළේ සදා......
                                                                               :- download හදවත පතු‍ළේ සදා

Friday, April 13, 2012

ඇරඹුම ම කදුලක් වෙලා




ඇරඹුම ම කදුලක් වෙලා          //
මා බලා ඉද්දී ඒ දිහා               //
ආ දුරක් දුර වැඩි නිසා           //
අවසානයට පෙර  - ඈ ගියා //

දුක් බවේ කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් ඇති නියා//
අනන්තය ලග මා තබා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කදුලක් වෙලා........


ගායනය -- කසුන් කල්හාර
download ඇරඹුම ම කදුලක් වෙලා






සැදෑ කළුවර



සැදැ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වු සද මගේ සරා සද
තනි වෙලා මා - තනි වෙලා

වලාකළ කුදු නොමැති අහසේ
මලානික වු මගේ සිතුවිලි
ගල්ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජ වෙලා

සැදෑ කළුවර...........

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙනා

සැදැ කළුවර..........

----ගායනය - කසුන් කල්හාර (මුල් ගායනය- විශාරද නන්දා මාලනී)

Thursday, April 12, 2012

හන්තානට පායන හද

හන්තානට පායන හද      - ලස්සනයි ද කියන්න
මං නොදකින ඒ පුර හද   - ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න  //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න  //
කුඩේ යටින් ඔබ යන කල                
එපා තනිය දැනෙන්න


        --අමරසිරි පීරිස්--                download හන්තානට පායන සද