Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Saturday, April 21, 2012

අයියේ ඔබ වීරයෙක්

ජීවත් වෙන්නට මට කියා දුන්න.....
ජීවිතේ දුක සැප මා සමග බෙදා ගත්ත....
විටෙක පියෙකු ලෙස මා රැක ගත්ත....
සොයුරානනි ඔබටයි මේ පද පෙල...


අයියේ... වීරයා ඔබයි මගේ ලොවේ...
අයියේ.... නියමුවා ඔබයි මගේ ජීවිතේ...
අයියේ... අද ඔබ විරුවෙක් රණ විරුවෙක් 
                                           රටම රකින..

පොඩි කාළේ මා අත් අල්ලාගෙන.....
මා දෙපයින් සිටවූ ඔබ....
අද දුර ඈත රටක හිද.......
ජීවිතයේ හරි මග පෙන්වයි මට


ආසයි ඔබ මෙන් වෙන්න.....
ඔබ මෙන් වීරයෙක් වන්න....  

කටුසු ආදරය

මේක ජපානයෙන් ආරංචි වුන සිදුවීමක්.. සාමාන්‍යයෙන් ජපානයේ බිත්ති 2ක් අතර හිඩැසක් තියනවා... නිවසක් අලුත් වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිඩැසේ කටුස්සෙක් හිරවී ඉදලා තියනවා.... උගේ කකුලක් පිටතින් ගහපු ඇණයකට හිර වෙලා....

ඔහු මෙය දුටුවාම දුකට පත් සහ කුතුහලයට පත් උනා.. මේ නිවාස අවුරුදු 10 කළින් නිමවු එකක් නිසා සතා එතෙක් කලක් ජීවත් උනේ කොහොමද කියලා මවිතයට පත් උනා


කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්!... එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව... සිදුවිය නොහැක්කක්...!!


ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු...ඔහු‍ මේ සිද්ධියෙන් දුකෙන් ගල්ගැසී ගියා... ඇණයේ සිරවී සිටි සතාව තවත් සතෙකු අවුරුදු ගණනාවක් රැකගත් අයුරු සිතන්න, අවුරුදු ගණනාවක් නොසිදෙන ධෛර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සගයා රැකගත් අයුරු....!!!!!

(ෆෙස් බුක්හි Endless FUN නමැති එකවුන්ට් එකෙන් උපුටා ගත්තකි..)

Tuesday, April 17, 2012

තාත්තගේ පින්තූරය දිහා බලාගෙන මම අඩන්නේ නැතුව නොවේ

පුංචි දවස් වල වගේ ඒ ආදරේට......
මම අදටත් ආදරේ නැතිව නෙමේ....
තාත්ත දන්නවද?
තාත්ත කියා දීපු කතා මට....
අමතක නැතුව නෙමේ....
වැරදි වැඩ කලාම....
සමාව දෙන්න බැරි තරමටම....
මුරණ්ඩු වුනාම,
මගේ හිත නොරිද්දන්න බැරිකමට.....
මට බැන්නේ නැතිව හැටි...
අමතක නැතුව නෙමේ....
දකින දකින දේවල් ඉල්ලලා අඩපුවාම,
අරන් දුන්නෙ නැති වුනාම..
තරහා වෙලා ඔය හිත රිද්දුවා ම.....
මගේ හිත රිද්දන්න බැරි කමට...
මාව පුදුම කරන්න ගෙනත් දුන්න දේවල්
අමතක නැතුව නෙමේ.....
මට නොකියා ම මාව දාලා දුර ගියාට....
මම තරහා නැතුව නෙමේ..
තාත්ත නැති අඩුව දැනුනාම...
තාත්තගේ පිත්තූරෙ දිහා බලාගෙන...
ඒ ආදරය මතක් කර කර....
මම අඩන්නෙ නැතුව නෙමේ....


කිසදැස ලබාගත්තේ___අලවතුගොඩ.කොම්





එදා හිනැහුනු තරු පොකුරු අද


Friday, April 13, 2012

ඇරඹුම ම කදුලක් වෙලා




ඇරඹුම ම කදුලක් වෙලා          //
මා බලා ඉද්දී ඒ දිහා               //
ආ දුරක් දුර වැඩි නිසා           //
අවසානයට පෙර  - ඈ ගියා //

දුක් බවේ කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් ඇති නියා//
අනන්තය ලග මා තබා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කදුලක් වෙලා........


ගායනය -- කසුන් කල්හාර
download ඇරඹුම ම කදුලක් වෙලා






සැදෑ කළුවර



සැදැ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වු සද මගේ සරා සද
තනි වෙලා මා - තනි වෙලා

වලාකළ කුදු නොමැති අහසේ
මලානික වු මගේ සිතුවිලි
ගල්ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජ වෙලා

සැදෑ කළුවර...........

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙනා

සැදැ කළුවර..........

----ගායනය - කසුන් කල්හාර (මුල් ගායනය- විශාරද නන්දා මාලනී)

ආදරය සුන්දර වරදක්ද?


Thursday, April 12, 2012

ඇසට කදුළු ගෙන දී යළි ගො‍ළුවුන මුහුද

මීට අවුරුදු 8ක‍ට කලින්....
අපේ හිතේ තිබුනේ.....
මුහුද ගොලුයි කියලා.....
නමුත් මුහුද ගොලු නෑ....

අපි හැමදාම මුහුද ලගට ඇවිදින්
මුහුද එක්ක හිනාවෙනාවා... අඩනවා...
ඒත් එදා මුහුද අපේ හැම හීනයක්ම බොද කලා
මුහුද හැම දෙයක් ම අරං ගියා..

අපේ ජීවිත.. අපේ හිනාව...
මේ හැම දෙයක් ම මුහුද අරං ගියා..
අපිට ඉතුරු කළේ කදුල විතරයි..
දැං ඒ දුක කියන්න කවුරුත් නෑ..

මේ මහ මුහුද අපේ ජීවිතේ කොටසක් වුනා
අපේ ජීවිතේ ගෙවුනේ මහ මුහුදත් එක්ක
අපේ ජී‍විතේ හැම දෙයක් ම එයා දන්නවා
හැබැයි එක දෙයක් දන්නෑ


"අපිට මුහුද දෙගොඩ තලා යන්න අඩන්න පුළුවන් බව"

හන්තානට පායන හද

හන්තානට පායන හද      - ලස්සනයි ද කියන්න
මං නොදකින ඒ පුර හද   - ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න  //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න  //
කුඩේ යටින් ඔබ යන කල                
එපා තනිය දැනෙන්න


        --අමරසිරි පීරිස්--                download හන්තානට පායන සද

Monday, April 9, 2012

ලස්සන හදවතක් සොයන්න

මූනු පොතේ  Meth Sisila නම් ප්‍රොෆයිල් එකෙන් ගන්නා ලදී
_____________________________________________________________________________

ඔයාලා ආදරය ගැන ලියු  නිසදැස්, කථෘ , පින්තූර මට ඉ මේල් කරන්න dakendheera@gmail.com

මව් සෙනෙහස (ඔබෙ සෙනෙහස සුවද දිදි දැනුනා මට අම්මේ)


අද ‍මම මේ කියන්න යන්නේ අම්මා කෙනෙක්ගේ ඇති දරු සෙනෙහස ගැන කථාවක්.. මේක අපේ පන්සිය පනස් ජාතක පොතේ තියන ජාතක කථාවක්... මොකක්ද උම්මග්ග ජාතකය ද කොහෙද........(සැ.යු. සමහර සිදුවිම් කථාව රසවත් කිරීම සදහා වෙනස් කොට ඇත)


ඔන්න ඉතිං යටගිය දවස බරණැස් නුවර ද කොහෙද එක ලස්සන ගමක් තිබුනා. මේ ගමේ ජීවත් වුනා එක දුප්පත් ගැහැණියක්. එයා දුප්පත් වුනාට තමන්ගේ ස්වාමි යා එක්ක ගොඩක් සතුටින් ජීවත් වුනා. මෙහෙම ඉන්නකොට මෙයාට ළමයෙක් උපන්නා... මේ ළමයා ඉපදිලා ටික දිනකින් මේ ගැහැණියගේ ස්වාමි පුරුෂයා සර්පයෙක් දෂ්ඨ කරලා මිය ගියා. 


මොවුන් ජීවත් වන ගම ආසන්නයේ තිබුනා මහා වනයක්. මේ වනයේ ජීවත් වුනා එක යකින්නියක්. මේ යකින්නිය දවසක් දැක්ක අම්මා දරුව ව වඩාගෙන හුරතල් කරනවා. යකින්නිට ලොකු ආසාවක් ඇති වුනා මේ පොඩි ළදරුව ව ගිල දාන්න.ඉතිං මේ යකින්නිය දවසක් ගැහැණියක් විදියට වෙස් වළාගෙන ඇවිත් ළමයාව අරං යන්න හැදුවා. ඒත් ළමයාගේ අම්මා ළමායා ව ගෙනියන්න දුන්නෑ. මේ සද්දේ ඇහිලා ගම්මු මෙතනට දුවගෙන ආවා. යකින්නිය කියනවා "මේ මගේ ළමයා" කියලා.. ඇත්ත අම්මා කියනවා නෑ මේ මගේ ළමයා කියලා. ගම්මු මේ ප්‍රශ්නේ ගම්මුලාදෑනියාට ඉදිරිපත් කරනවා...


මෙතනත් මේ දෙන්නා රණ්ඩු වෙනවා දරුවට. ‍ගම්මුලාදෑනියාට මේ දරුවගේ ඇත්ත අම්මා හොයාගන්න බැරිවුනා.. අන්තිමේදී ගම්මුලාදෑනියා කිව්වා. "උඹලා දෙන්නා දරුව ව දෙපැත්තට අදින්න. දරුව ව ඇදලා ගත්ත කෙනාට ළමයාව බාර දෙනවා" කියලා.. දැන් ඉතිං යකින්නිය යි ඇත්ත අම්මයි ළමයව අදින්න සුදානම් වුනා.. ඇත්ත අම්මා දරුවා ව ඇද්දේ දරුවට රිදෙයි කියලා. ඒ වුනාට යකින්නා දරුව ව එක පාරටම ඇදලා ගත්තා. ගම්මුලාදෑනි දැන ගත්තා මේ දරුව ව අදින්නැතුව හිටියේ ඇත්ත අම්මා කියලා. ඉතිං ඇත්ත අම්මාට දරුව ව බාර කලා..............................................
______________________________________________________________________

ඔයාලත් ආදරය ගැන ලියු  නිසදැස්, කථෘ , පින්තූර මට ඉ මේල් කරන්න dakendheera@gmail.com

Saturday, April 7, 2012

හිමි නොවු ආදරය ගැන දුක් නොවු තරුණයා






එක කොල්ලෙක හිටියා.. එයා හිතින් කෙල්ලෙක්ට ආදරය කළා.. එයා හැමදාම ඒ කෙල්ල දිහා බල බලා සිතින් ආදරය කළා... මෙයා ගොඩාක් කල් මෙහෙම හිටියා... මේ කොල්ලට දවසක් ආවා එයාගෙ ආදරය මේ කෙල්ලට කියන්න.

           දවසක් මේ කොල්ලා පන්ති ඉවරවෙලා යාලුවොත් එක්ක යනකොට අර කෙල්ල ඉන්නවා දැක්කා. යාලුවො ටික මූට කිව්වා ගිහින් කියපං කියපං කියලා.. මේ කොල්ලත් හිතුවා අද තමයි දවස මෙච්චර කල් මගේ හිතේ තිබුනු දෙය එයාට කියන්න.. මෙයා හිමින් හිමින් කෙල්ල ලගට ගියා..ගිහිං එයාට කතා කලා


මම ඔයාට ගොඩාක් කල් මේක කියන්න හිටියේ..මම ඔයාට ගොඩා.............ක් ආදරෙයි. කියලා එයා කෙල්ල ගෙන් කැමැත්ත ඇහුවා


නමුත් කෙල්ල ඔහුට කැමැත්ත දුන්නේ නෑ.........


ඔහු කිසිම දුකක් නැතුව යාලුවො ළගට ආවා.... යාලුවන්ට පුදුමයි.. උන් කොල්ලගෙන් ඇහුවා


ඇයි බන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුක නැත්ද 


නෑ බන් මං මොකටද දුක් වෙන්නේ..
මට නැති වුනේ මට ආදරය නොකරන කෙනෙක් ඒත් එයාට නැති වුනේ එයාට ගොඩාක් ආදරය කරන කෙනෙක් 
ඒ නිසා මං පොඩ්ඩක් වත් දුක් වෙන්නෑ