Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Saturday, April 7, 2012

හිමි නොවු ආදරය ගැන දුක් නොවු තරුණයා






එක කොල්ලෙක හිටියා.. එයා හිතින් කෙල්ලෙක්ට ආදරය කළා.. එයා හැමදාම ඒ කෙල්ල දිහා බල බලා සිතින් ආදරය කළා... මෙයා ගොඩාක් කල් මෙහෙම හිටියා... මේ කොල්ලට දවසක් ආවා එයාගෙ ආදරය මේ කෙල්ලට කියන්න.

           දවසක් මේ කොල්ලා පන්ති ඉවරවෙලා යාලුවොත් එක්ක යනකොට අර කෙල්ල ඉන්නවා දැක්කා. යාලුවො ටික මූට කිව්වා ගිහින් කියපං කියපං කියලා.. මේ කොල්ලත් හිතුවා අද තමයි දවස මෙච්චර කල් මගේ හිතේ තිබුනු දෙය එයාට කියන්න.. මෙයා හිමින් හිමින් කෙල්ල ලගට ගියා..ගිහිං එයාට කතා කලා


මම ඔයාට ගොඩාක් කල් මේක කියන්න හිටියේ..මම ඔයාට ගොඩා.............ක් ආදරෙයි. කියලා එයා කෙල්ල ගෙන් කැමැත්ත ඇහුවා


නමුත් කෙල්ල ඔහුට කැමැත්ත දුන්නේ නෑ.........


ඔහු කිසිම දුකක් නැතුව යාලුවො ළගට ආවා.... යාලුවන්ට පුදුමයි.. උන් කොල්ලගෙන් ඇහුවා


ඇයි බන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුක නැත්ද 


නෑ බන් මං මොකටද දුක් වෙන්නේ..
මට නැති වුනේ මට ආදරය නොකරන කෙනෙක් ඒත් එයාට නැති වුනේ එයාට ගොඩාක් ආදරය කරන කෙනෙක් 
ඒ නිසා මං පොඩ්ඩක් වත් දුක් වෙන්නෑ

2 comments: