අද මම මේ කියන්න යන්නේ අම්මා කෙනෙක්ගේ ඇති දරු සෙනෙහස ගැන කථාවක්.. මේක අපේ පන්සිය පනස් ජාතක පොතේ තියන ජාතක කථාවක්... මොකක්ද උම්මග්ග ජාතකය ද කොහෙද........(සැ.යු. සමහර සිදුවිම් කථාව රසවත් කිරීම සදහා වෙනස් කොට ඇත)
ඔන්න ඉතිං යටගිය දවස බරණැස් නුවර ද කොහෙද එක ලස්සන ගමක් තිබුනා. මේ ගමේ ජීවත් වුනා එක දුප්පත් ගැහැණියක්. එයා දුප්පත් වුනාට තමන්ගේ ස්වාමි යා එක්ක ගොඩක් සතුටින් ජීවත් වුනා. මෙහෙම ඉන්නකොට මෙයාට ළමයෙක් උපන්නා... මේ ළමයා ඉපදිලා ටික දිනකින් මේ ගැහැණියගේ ස්වාමි පුරුෂයා සර්පයෙක් දෂ්ඨ කරලා මිය ගියා.
මොවුන් ජීවත් වන ගම ආසන්නයේ තිබුනා මහා වනයක්. මේ වනයේ ජීවත් වුනා එක යකින්නියක්. මේ යකින්නිය දවසක් දැක්ක අම්මා දරුව ව වඩාගෙන හුරතල් කරනවා. යකින්නිට ලොකු ආසාවක් ඇති වුනා මේ පොඩි ළදරුව ව ගිල දාන්න.ඉතිං මේ යකින්නිය දවසක් ගැහැණියක් විදියට වෙස් වළාගෙන ඇවිත් ළමයාව අරං යන්න හැදුවා. ඒත් ළමයාගේ අම්මා ළමායා ව ගෙනියන්න දුන්නෑ. මේ සද්දේ ඇහිලා ගම්මු මෙතනට දුවගෙන ආවා. යකින්නිය කියනවා "මේ මගේ ළමයා" කියලා.. ඇත්ත අම්මා කියනවා නෑ මේ මගේ ළමයා කියලා. ගම්මු මේ ප්‍රශ්නේ ගම්මුලාදෑනියාට ඉදිරිපත් කරනවා...
මෙතනත් මේ දෙන්නා රණ්ඩු වෙනවා දරුවට. ගම්මුලාදෑනියාට මේ දරුවගේ ඇත්ත අම්මා හොයාගන්න බැරිවුනා.. අන්තිමේදී ගම්මුලාදෑනියා කිව්වා. "උඹලා දෙන්නා දරුව ව දෙපැත්තට අදින්න. දරුව ව ඇදලා ගත්ත කෙනාට ළමයාව බාර දෙනවා" කියලා.. දැන් ඉතිං යකින්නිය යි ඇත්ත අම්මයි ළමයව අදින්න සුදානම් වුනා.. ඇත්ත අම්මා දරුවා ව ඇද්දේ දරුවට රිදෙයි කියලා. ඒ වුනාට යකින්නා දරුව ව එක පාරටම ඇදලා ගත්තා. ගම්මුලාදෑනි දැන ගත්තා මේ දරුව ව අදින්නැතුව හිටියේ ඇත්ත අම්මා කියලා. ඉතිං ඇත්ත අම්මාට දරුව ව බාර කලා..............................................
______________________________________________________________________
ඔයාලත් ආදරය ගැන ලියු නිසදැස්, කථෘ , පින්තූර මට ඉ මේල් කරන්න dakendheera@gmail.com
No comments:
Post a Comment