ආදරය කියන්නේ හැමෝටම පොදු දෙයක්... ලෝකයේ හැමෝගෙම හිතේ ආදරය තියනවා ලෝකයේ තියෙන ඕනම දෙයකට ආදරය කරන්න පුලුවන්.. පණ නැති දෙයකට වුනත්.. දවසක් එයි ලෝකයේ හැම දෙනාම එකිනෙකාට ආදරය කරන එදාට ලෝකය ගොඩාක් සුන්දර වෙයි
Friday, July 20, 2012
අන්නතය
අපි දෙන්නා හරියට රේල් පීලි දෙකක් වගේ
බොහොම ළගින් ඉන්නවා
ඒ වුනත්
රේල් පීලි දෙකක් කවදාවත් එකතු වෙන්නෑ
ඒවා එකතු වෙන්නේ අනන්තයේදී
මම ඒ අනන්තය දිහා බලන් ඉන්නවා
ඒ දුර.... අනන්තය
නමුත්
කවදා හරි ඒ අනන්තයට ළං වෙනවා
බොහොම ළගින් ඉන්නවා
ඒ වුනත්
රේල් පීලි දෙකක් කවදාවත් එකතු වෙන්නෑ
ඒවා එකතු වෙන්නේ අනන්තයේදී
මම ඒ අනන්තය දිහා බලන් ඉන්නවා
ඒ දුර.... අනන්තය
නමුත්
කවදා හරි ඒ අනන්තයට ළං වෙනවා
Sunday, July 15, 2012
සිනා මල් කැකුළු පුබුදා
සිනා මල් කැකුළු පුබුදා - ඈ කීවා මට හොරෙන්
ඔබ මා ළගින් ඉන්න සැමදා - මා තුරුළු කරන් ආදරෙන්
මා හද පෙම් කළ අහිංසකාවී
ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි//
ඔබගේ කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුනා
සිනා මල් කැකුළු පුබුදා.....
ඔබ දකිනා තුරු මා රැදුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ//
රහසින් වාගේ ඔබ මට කීවේ
රැදුනා මහදේ කෙල්ලේ
සිනා මල් කැකුළු පුබුදා....

Tuesday, July 10, 2012
ජීවිතයේ අවසාන ගීතය
මේක කොල්ලෙක් එයාගේ ජීවිතේ කියපු අවසාන සින්දුව
එක රැයක මෙයා ආදරෙන් පැරදුනා (කෙල්ල බූට් එක තියලා)
මේ fast beat සින්දු එයා හද පතුලෙන් ම Slow beat විදියට කිව්වා...
පස්සේ දවසෙ බයික් එකේ යනකොට එයා මැරුනා
තවත් නියම ආදරවන්තයෙක් වගේ ම සංගීතඥයෙක් ලෝකෙට නැතිවුනා
Friday, July 6, 2012
මත් මල් සේයා
මත් මල් සේයා පාවී පාවී දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
ලා ඉරේ රන් මැවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා
නා....න... නා...න.....
පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සද රේණු යායේ - මුදු සීත පිරුනේ
ලංවෙන්න මා නෙත් පියා
උදාවේ මා.... සැබෑවේ මුදා....
නෙක ස්වර්ණ රැස් රගනා වැහි තිරේ
නා.....න.... නා....න.....
ඔබ ගාව සීතේ - හිත.හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදාවේ මා.....
නා....න....නා...න....
මත් මල් - කසුන් කල්හාර
Friday, June 29, 2012
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොදැක ඉන්න බෑ මට නම් - මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ මට නම් - ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් - කිසි දා ප්‍රියේ
නොවිද ඉන්න බෑ.... ඔබේ ආදරේ
පැහැදුන් කතා - මතකේ වෙලා
දෙනුවන් තෙමා - පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනාවා ඔභ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිදීමී සදා //
මිහිදුම් වලා - සලුවෙන් වෙලා
පැතුමන් දරා - රකිමී සදා
පෙර පෑ සිනා පූජා කළා - අදුරේ තියා
සගවා දමා මේ වේදනා - යළි එන තුරා
දිවියේ පුරා ඉදිමී බලා //
නොදැක ඉන්න බෑ....
නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි
ඔයා මට ආදරෙ කරන දවසට මං ඔයාට ආදරේ නැති වේවි
Sunday, June 24, 2012
එහෙව් ගැහැණිය අම්මා
Sunday, June 17, 2012
මගේ ඇස් දෙක හොදට බලා ගන්න
එක අන්ධ ගැහැණු ළමයෙක් හිවියා..........
මෙයාගේ Boyට කවුරුත් වැඩිය කැමති නෑ.....
ඒ ගැහැණු ළමයා එයාගේ Boyට කිව්වා
"මට ඔයාව දැක ගන්න පුලුවන් වුනොත් මම ඔයාව බදිනවා"
ඉතින් දවසක් මේ ගැහැනු ළමයාට ඇස් දෙකක් ලැබිලා එයා Boyව දැක්කා
බැලින්නං මේ Boyත් අන්ධයි
ඉතිං මේ ගැහැණු ළමයා සිතක් නැති විදියට Boyට කැමති නෑ කිව්වා
ඉතිං ඒ මේ Boy ගැහැණු ළමයාට Letter එකක් දීලා යන්න ගියා
ඒ එකේ ලියලා තිබුනේ
"සොදුරිය මගේ ඇස් දෙක හොදට බලා ගන්න,මම ඔයාට තාමත් ආදරෙයි" කියලා
Thursday, June 14, 2012
'''තාත්ත රජෙක් තමයි'''
කාළේ
තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවෙ නෑ කිසි කාළේ..//
ඔබෙ ඡායාවත් ඇති තනියට ළග ඉන්න
ලොව මායාවන් හැක ඔබගෙන් සිදලන්න
දරු සෙනෙහස ඔබ පිදු කෙළෙස අප ගන්නේ
ජීවතේ පුරා ගැයුවත් නැත නිමවන්නේ
ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ
ඒ පුදුමය විතරයි අපට ඉතිරිවන්නේ
රජෙකුට වගේ බයයි..//
සැරවැර අසමින් ඔබේ පොඩි කළ අපි ඇඩුවා
කිසිවෙකු හට අප හඩවන මග ඔබ වැසුවා
සුරතල් බස් නෑ නිහඩව අප දෙස බැලුවා
අසරණ දා ඔබෙ ආදරයේ සිරි දුටුවා
දරු සෙනෙහස ඔබ පිදු........
රජෙකුට වගේ බයයි....//
Friday, June 8, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? Last part
....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදා සෙබළුන් සිදු කළ ඉතා දුෂ්කර ක්‍රියාන්විත පිළිබදව ලියැවුනු අපූරු පොතක්..ඔවුන්ගේ හිතේ තිබුණු සහෝදරත්වය, ලෙන්ගතුකම....
කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියූ මෙම පොතේ එන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?" කොටසින් උපුටා ගත්තකි...
කළින් කොටස් කියවලාම එන්න...
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part Six
______________________________________________________________________
අවසාන කොටස
අනතුර සිදුවී තුන්වන දින දහවල ගෙවී යමින් තිබුණි. මේ අතර සැරයන් ජයකොඩි තම අවි සගවා අත්බෝම්බයක් පුපුරවාගෙන සතුරාට හසුනොවී මියයාමට තීරණය කරගෙන තිබුණි. නමුත් ඔහුට තිබුණු බාධකය වුයේ අත්බොම්බය පුපුරන ශබ්දයට සතුරා පැමිණ බලා පුෂ්පකුමාරවත් සේනාධීරවත් රැගෙන යාමට ඉඩ තිබීම ය. පුෂ්පකුමාර ද මේ අදහසට කැමති නමුත් සේනාධීර එතැනින් එළවා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. දෙදෙනාම කෝප්‍රල් සේනාධීරට කැට මුගුරු වලින් ගැසුවෝ ය. නමුත් ඔහු නොවේ එතැනින් ඉවත් වූයේ.
"ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??"
ඔහු ශෝකයෙන් ඇසුවේය. "මං උඹලාගේ එකෙක් නෙවෙයි ද? ඔහු සේනාධීර වහා අවියේ ආරක්ෂක ඇණය පහළට දා අවිය බිම දැමුවේ හුරු පුරුදු මුහුනක් සිනාමුසුව.." තව ටිකකින් මටත් තියනවා නේද??" යි ඇසූ නිසාවෙනි.
ඔවුන්ගේ ඇස් වලට කදුළු ඉනුවේය...
ඔහු දුටු සහායට පැමිණි කණ්ඩය ද මොහොතකට ගොළු වූහ.
" කෝ සැරයන් චන්ද්‍රසිරි.?"
(සැරයන් චන්ද්‍රසිර වෙඩි පහරවල් කාගෙනම කැඩුණු අතත් එල්ලාගෙන මූලස්ථානයට පණිවිඩය ගෙන ගොස් තිබුණි)
"බයවෙන්න දෙයක් නෑ.. එයා හොදින් ඉන්නවා";
සහායක කන්ඩායම වහා ප්‍රථමාධාර ලබාදී ඔවුන් ආරක්ෂිතව විහිළු තහළු කරමින් මානසික සමබරතාවයද රදවා ගනිමින් අනාරක්ෂිත සතුරු භුමියේම ආරක්ෂිත තැනකට ගෙන ගොස් ගුවන් මගින් අනුරාධපුර රෝහලට යැවිණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සතුරු භුමියට ගොඩ බස්සවා තුවාල සිදුවූ සෙබළුන් රැගෙන ආ පළමු අවස්ථාව මෙය වන අතර, විශේෂ බළකාය ට දැක්වූ ඇල්ම මෙන්ම විශ්වාසය මත මෙවැනි අවදානම් ගමනකට ඔවුන් ඉදිරිපත් විය.
අතුරුදහන් වු කෝප්‍රල් ප්‍රියන්ත දින දෙකකට පසු තනිවම මිතුරු භුමිය වෙත පැමිණ ක්ලාන්තව ඇදවැටී සිටියදී සොයාගෙන තිබුණ්. සැරයන් චන්ද්‍රසිරි ද තම කැඩුණු අත උර මත එල්ලාගෙන සැරයන් ජයකොඩි හා කෝප්‍රල් පුෂ්පකුමාර බැලීමට රෝහලට ගියේ ය........
___________________________________නිමි_____________

අටේ පන්තිය - Hesh ft Nathasha
හදා ගත්තෙ මාගෙ සිත මා බොහෝ වේදනාවෙන්
සමන් පිච්ච මාල සුවදින් මගේ සිත වශී වුනා
ගෙනත් දුන්න ලේන්සු ගානේ කදුළු මල් සිනාසුනා
සදුදා සමිතියේ දී කිව්වේ ඔබට ලිව්ව ගී තමා
අටේ පන්තියේ බාලේ ඒ කාලේ
ලංවීලා ගත්ත පින්තූරේ
ඒවා මං අතින් ගිනි දමාලා අළු කලා
කදුලැල් වෑහේ සුසුමන් බේරේ
හදා ගත්තේ මාගේ.....
_____________________________________________

Friday, June 1, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part Six
.....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදාව කළ ඉතා දුෂ්කර ක්‍රියාන්විට පිළිබදව ලියැවුනු අපූරු පොතක්...ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය... ලෙන්ගතුකම.... සහෝදරත්වය....
කර්නල් හරේන්දු රණසිංහ විසින් ලියැවුණු මේ පොතේ එන ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? කොටසින් උපුටා ගත්තකි...
කළින් කොටස් කියවලාම එන්න.....
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five
_____________________________________________________________________
එන ඕනෑම අවස්ථාවක ට මුහුණ දීමට අඩිය තදින් ග්‍රහණය කරගත් ඔහු පුෂ්පකුමාර සමග නිහඩව බලා සිටියේය. සතුරා ඉතා ආසන්නයට පැමිණ නතර වී සැරයන් චන්ද්‍රසිරිගේ උපක්‍රමවලට මුලාවී ඉදිරියට ඇදෙන්නට වූ කළ සැරයන් ජයකොඩි සහ පුෂ්පකුමාර සැනසුම් සුසුම් හෙළුවෝය. යුද්ධයේදී දක්ෂතාවය මෙන්ම වාසනාවද තදින් බලපවත්වයි.
සතුරන් මුලාවී ගිය පසු වටයක් කරකැවී ආපසු පැමිණි සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තම තුවාල ලත් සගයින් ළගට ගොස් තීරණය කළේ තනිවම ගොස් මිතුරු භුමියට ඇතුලු වී සියලු තොරතුරු මූලස්ථානය වෙත ලබාදී නැවත සහයක කණ්ඩායමක් සමග පැමිණ තම සගයින් බේරාගැනීමටය... ඔහු එසේ කළේ ඔවුන්ගේ සංඥා සම්බන්ධතාවය බිද වැටී තිබුණ නිසා ය..
මේ වන විටත් සතුරා එම ප්‍රදේශය දැඩිය ආරක්ෂා කරන බැව් දැන දැනත් තනිව කිලෝමීටර් 30 ක් පමණ සතුරු භුමිය තුළින් ගමන් කිරීම ඉතා අවදානම් සහගත මෙන්ම අති දුෂ්කර කාර්යයකි.. තම තුවාල වූ සගයන් දෙදෙනා කෝප්‍රල් සේනාධීරට භාරදී සැරයන් චන්ද්‍රසිරි පිටත් වූයේ තම සගයින් සිටින ස්ථානය GPS යන්ත්‍රයට කඩාගෙනය. ඒ යම් ආකාරයකින් තමා සතුරන්ට අසුවුවහොත් තම දත්ත මගින් තම සහෝදර සෙබළුන් සිටින ස්ථානය හදුනාගත නොහැකි වනසේ නියම දිගුදුර සොල්දාදුවෙක් සතු ආවේණික ක්‍රමෝපායන් යොදා ගනිමිනි..
සැරයන් චන්ද්‍රසිරි තමාගේ ජීවිතය තම මිතුරන් වෙනුවෙන් උකසට තබා පිටත් ව ගොස් පැයකට පමණ පසු ඒ දෙසින් වෙඩි හඩවල් කිහිපයක් ඇසෙන්නට විය..
"ඒ ගැහුවේ චන්ද්‍රසිරිට..." සැරයන් ජයකොඩි මිමිනුවේය..
කෙසේ වුවද අවසන් ලේ බිදුව දක්වාම සටන් කිරීම හෝ ඔහු තමාට පැවරී රාජකාරිය ඉටු කරන බැව් සැරයන් ජයකොඩි ස්ථීරව ම දැන සිටියේ ය. ඒ විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර වූ බැදීම හා සෑම සෙබළෙක් තුළම වු මනා පුහුණුව හා දක්ෂතාවය නිසා ය.
ඉතා අපහසුවේන වුව ද බලාපොරෙත්තු සහගතව ඔවුන් බලා සිටියෝ ය. ඒ හෙට දිනයේ තමන් බේරාගැනීමට සහෝදර සෙබළුන් එන බට සිත් තුළට කාවද්දාගෙන ය.
සෙමින් පළමු දවස ගෙවී ගියේ ය. දෙවන දින වනවිට ඔවුන් සතු ජලය අවසන් වී තිබූ නිසා මුත්‍රා පානය කළෝ ය. පිපාසය මදක් සන්සිදුණු මුත් ඉන් පසුව පිපාසය වැඩියෙන් දැනෙන්නට විය. මැස්සෝ හඩ නගමින් තුවාල කරා ඇදෙන්නට වූ විට පුෂ්පකමාර ඔවුන් එළවා දැමීමට මහන්සි නොගත්තේ ය. ඒ වනවිට තිබෙන ශක්තියත් වැයවේ යැයි සිතූ නිසා ය. කෝප්‍රල් සේනාධීර කොල අත්තක් රැගෙන මාරුවෙන් මාරුවට දෙදෙනාගේ ඇගේ වැසූ මැස්සන් එළවන්නට විය.
සැරයන් ජයකොඩි මැස්සන් එළවන් සේනාධීරට පැවසුවේ..
"සමහර විට චන්ද්‍රසිරි මැරිලා ඇති. අපි ගැන පණිවිඩයක් දෙන්න බැරි වෙන්න ඇති.. ඒ නිසා සේනාධීර දැන් යන්න. තුන්දෙනෙක් මෙතන මැරෙන එකේ තේරුමක් නෑ... වාසනාව තිබුනොත් ඔයාට අපේ ලයින් එකට යන්න පුළුවන්"
නමුත් සේනාධීර ගත් කටටම පැවසුවේ............
"සාජන් ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මං යන්නේ නෑ... මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙමු"
"කෝප්‍රල් මං කිව්වහම කෝප්‍රල් යන්න ඕනි... මං සාජන් මේක ටීම් කමාන්ඩර්. දැන්ම යන්න"ඔහු අණ කළේය..
"මං සජන්ගේ අතේ දුර මානයෙන් ඈත් වෙලා.. සාජන්ට මාව අල්ලන්න බෑ. මං යන්නේත් නෑ".. ඔහු ආදරයෙන් සිනාසෙමින් පැවසුවේය..
ආහාරද අවසන් වී තිබුණි තෙවන් දින ඇරඹෙන විට ඔවුන් ශාරීරිකව දුර්වල වූ අතර, බීමට මුත්‍රා ද නැතිවන තරම් පහළ මට්ටමකට ඇද වැටී සිටියහ....
______________________________________________
මතු සම්බන්ධයි

Friday, May 25, 2012
"මගෙ ළග තනියට ඉනු මැනවි"
ඔබ මා හමුවුන - මේ ඉර හද යට
කොතැනක වූවත් - මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....
ඔබ සිත මා සිත - හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....
ඔබ මා හමුවුන...................
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමං කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී..... මගෙ ළග තනියට ඉනු මැනවී.....
ඔබ මා හමුවුන...................
__කරුණාරත්න දිවුල්ගනේ
Wednesday, May 23, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five
....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපූරු පොතක්.... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය... දයාව... ලෙන්ගතු කම....සහෝදර බැදීම.....
තර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක් කොටසක් වන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර........
මුලින් කියවපු අයට මතක් වෙන්නත්,, කියවපු නැති අයට දැන ගන්නත් කළින් කොටස් ටික කියවලා ම එන්නකෝ.........
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four
______________________________________________________________________
මේ සියල්ල සැරයන් ජයකොඩිට මානසිකව දැඩිව බලපෑවේය. දැන් තමාගේ කණ්ඩායමේ අයෙක් මියගොස් තවත් අයෙක් මග ඇරී තිබුණි තමාටත් තවත් අයෙකුටත් දරුණු තුවාල සිදුවී තිබේ. මෙවන් අවස්ථාවක කණ්ඩායමේ නායකයා ලෙස එම කණ්ඩායමේ වගකීම දැරීමට කොතරම් අධිෂ්ටානයක් තිබිය යුතුද...? ඔහු නොසැලී තම කාර්යය ඉටු කළේය.
නමුත් ඔහුගේ බරපතල තුවාල තත්වය නිසාවෙන් සැරයන් චන්ද්‍රසිරිට නායකත්වය ගෙන කටයුතු කරන්නට සිදුවුයේ ඉබේටම ය..
සතුරු ප්‍රහාරයෙන් හානියක් නොවූ සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තුවාල ලත් සැරයන් ජයකොඩි, කෝප්‍රල් පුෂ්පකුමාර හා මියගිය සගයාගේ නිසල දේහය ද රැගෙන සතුරු භූමියේ ගැඹුරට ගමන් කරන්නට විය...
තුවාලකරුවන් දෙදෙනාගේ දරුණු තුවාල නිසා රාත්‍රියේ ගමන් කිරීම ඉතා දුෂ්කර විය. තම තුවාල වූ සෙබළුන් දෙදෙනාගේ ජීවිත වෙනුවෙන් කෝප්‍රල් චන්දනගේ නිසල දේහය සතුරු භුමියේ සතුරාට නොපෙනෙන්නට සගවා යාම අකමැත්තෙන් හෝ කරන්නට සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තීරණය කළෝය. ඒ වෙන විකල්පයක් නොවූ හෙයිනි..
මේ වන විට ගුවන් විදුලි යන්ත්‍රයට හානි සිදුවී තිබූ හෙයින් මූලස්ථානය සමග සම්බන්ධතා සම්පූර්ණයෙන් ඇණහිට තිබුණි. නිසැකවම සතුරා වනය පීරමින් තමන් හඹා එන බැව් දත් සැරයන් චන්ද්‍රසිරි ගමන ඉක්මන් කළේය. නමුත් ඉතා අමාරු තත්වයක සිටි තුවාලකරුවන් සමග ගමන් කිරීම ලෙහෙසි පහසු නොවීය...
"මාව දාලා පලයල්ලා.... පලයන් යකුනේ... උඹලටත් මැරෙන්න වෙයි... පුෂ්පයත් අරන් පලයන්..." සැරයන් ජයකොඩි සැරයන් චන්ද්‍රසිරිට අණ දුන්නේය..
"බෑ..... සාජන් එහෙම කරන්න බෑ.." එහෙම කරන්නෙත් නැහැ"
ඔහුගේ වචනවල දැඩි බව නිසා සැරයන් ජයකොඩි කට පියා ගත්තේය
"එහෙනම් මාවයි පුෂ්පයවයි හංගලා ඉක්මනට යන්න..."
"ඒක තමයි සාජන් මේ කරන්න හදන්නේ.... කෑ ගහන්න එපා.."
සැරයන් චන්ද්‍රසිරි කෝප්‍රල් සේනාධීර සමග එක්වී තුවාල ලත් තම සගයින් භූමියේ ඇති දෑ යොදා ගනිමින් සගවා අනතුරුව සතුරා මුළාකරන මං සළකුණු ඇති කරමින් ඉදිරියට ගමන් කළේය..
තමන් සිතූ පරිදි සතුරා කැළය පීරමින් එන හඩ සැරයන් ජයකොඩිට ඇසුණි..........................
__________________________________________

...මිනි වළවල් කපන්නාගේ අදෝනාව...
මේ වීඩියෝ එක උපුටා ගත්තේ "මචං" චිත්‍රපටයෙන්
අපේ අතරේත් මේ වගේ අසරණ මිනිසුන් ඇත..ඔවුන් තුළත් ආදරය ඇත...
--------------------------------------------------------------------------------------------ඔබේ ළග ඇති මෙවැනි වීඩියෝ මට ඊ මේල් කරන්න -- dakendheera@gmail.com
Friday, May 18, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපුරු පොතක්..... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය.. දයාව... ලෙන්ගතුකම... සහෝදර බැදීම.......
කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක කොටසක් වෙන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? මේ බ්ලොග් අඩවියේ පළකරන්න හිතුවා..... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර....
මුලින් කියවපු අයට මතක් වෙන්නත්..... කියවපු නැති අයට දැන ගන්නත් එක්ක කලින් කොටස් ටික කියවලම එන්න....
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
__________________________________________________________________
ඒ මග ඔවුන්ට දැඩි ෆ්ලෑෂර් එළියක් සමගින් ප්‍රහාරයක් එල්ල විය. අල කණ්ඩායමේ සාමාජිකයින් සිටියේ හය දෙනෙකු වුවද, ඔවුන්ද ක්ෂණිකව ඝන අන්ධකාරයේ ප්‍රහාර එල්ල කරන්නට විය. විනාඩි කිහිපයක් දෙපසින් ම වෙඩි පහරවල් හුවමාරු විය.
එක්වර ම .............................. කෝප්‍රල් චන්දගේ අතින් ගිනි අවිය විසි විය... නැවතත් අසීරුවෙන් ඔහු එය අහුලා වෙඩි තබන්නට පටන් ගත් අයුරු දුටු සැරයන් ජයකොඩි,,,,
"කෝප්‍රල් මොකද....??" යැයි මහ හඩින් ඇසුවේය. ඔහු වේදනා භරිත මුහුණින් ඔහු දෙස බලා නැවතත් වෙඩි තැබුවා මිස වචනයක් කීවේ නැත..
කොප්‍රල් චන්දනට වෙඩි වැදී ඇති බව ක්ෂණිකව ඔහුට වැටහුණි. වහා තීරණයක් ගත් ඔහු සිය සගයා සතුරාගේ වෙඩි ප්‍රහාරයෙන් බේරාගැනීමේ අරමුණින් බිම දිගේම තරමක් දුරට ඇදගෙන ගොස් තම කර මතට ගන්නවාත් සමගම එල්ලවූ තවත් දැඩි ප්‍රහාරයකින් චන්දනගේ හිස සිදුරු වී ගියේය. ඔහු බිම තැබූ සැරයන් ජයකොඩිට තව තප්පර කිහිපයකට වඩා ආයුෂ නැති බැවි වැටහුනී. සමීපතම සගයෙකු අහිමි වීම හමුදා ජීවිතයේ සෙබළෙකු ලබන අමිහිරි ම අත්දැකීමකි...
දෙනෙතින් කදුළු වැටීමට ඉඩ නොදී ඔහු සිය සගයාගේ හිස තම පපුවට තදකර ගත්තේය.. මියයමින් සිටි මිනිසාට එයද සහනයක් වන්නට ඇත. තම සමීපතමයෙකුගේ තුරුලෙහි මියයාම.....
නැවතත් තම මියගිය සගයාගේ නිසල දේහය රැගෙන මීටර් දහයකට වඩා වැඩි දුරක් ඔහුට ගමන් කළ නොහැකි විය. තම යටිබඩ ප්‍රදේශයෙන් ගිනි පිටවනු ඔහුට දැනුනේය. දණහිසින් බිම ඇද වැටුනු ඔහුගේ උරහිසින් කෝප්‍රල් චන්දන විසි වී ගියේ ය.... තම කලිසමෙහි ෂිපර් එක විනිවිද උණ්ඩය ගිය සිදුර ඔහු අතගා බැලුවේය. වෘෂණ කෝෂය ඉරී එක් වෘෂණයක් නහර වැල් වලින් එල්ලී තිබූ බැව් එවෙලෙහි ඔහුට නොවැටහුණි....
සැරයන් ජයකොඩිට තවදුරටත් තම සගයා තමාට ගෙන යා නොහැකි බැව් වැටහුණේය. අසීරුවෙන් චන්දනගේ නිසල දේහය ඇදගෙන ගොස් සැගවූ ඔහු චන්දනගේ සියලු යුද උපකරණ තමා භාරයට ගත්තේ බැරිවී හෝ චන්දන ගෙන යාමට නොහැකි වුවහොත් ඒවා සතුරා අතට පත් නොවීමට වගබලා ගනිමිනි....
ඒ වන විටත් අනෙකුත් සගයින් සතුරා සමග ගැටෙමින් කණ්ඩායමේ අවසාන සෙබළා දක්වා තමාට ඇති රාජකාරියා මනාව ඉටුකරමින්
සිටියෝ ය. අසීරුවෙන් හා අමාරුවෙන් ඔහු කණ්ඩාය පසුපසට ගැනීමට තීරණය කලේය. ඒ තවත් සගයෙකු තමාට අහිමි වේ යැයි චකිතයෙනි... මන්ද යත්, ඒ වන විට කෝප්‍රල් පුෂ්පකුමාටගේ පාදවලට දැඩි ලෙස හානිවී තිබුනෙන් ඔහු වෙඩි තබමින් දණගාන්නට වු නිසාය.
"කෝප්‍රල් මේ පැත්තට එන්න..." ඔහු දණගාමින් වෙඩි තබන කෝප්‍රල් පුෂ්පකුමාරට කථ කළේය.
"සාජන්.... මං ගැන නෙමෙයි... ප්‍රියන්ත ගැන බලන්න... දැන් ටිකකට කලින් හිටියා... පේන්න නෑ.."
___________________________________________

Monday, May 14, 2012
.......නිසදැස්.........
____________________________________________________________________
Friday, May 11, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදාවේ ක්‍රියාන්විත පිළිබද ලියවුනු අපූරු ග්‍රත්ථයක්... ඒ ග්‍රන්ථයේ එක් කොටසක් වන ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා...
මේ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර.....
මුලින් කියවපු නැති අයට කියවන්නත් කියවපු අයට මතක් වෙන්නත් , කතාවේ මුල් කොටස් ටික කියවලා ම එන්න
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part two
_______________________________________
"සමූහ සතුරු නාශක වෙඩි ටික චෙක් වෙයි ද? එළියට පේනව ද?"
"නෑ මෝඩයෝ"
"එහෙනං"
"මටවත් සමූහ සතුරු නාශක වෙඩි හොයාගන්න බැරි වුණා කොහෙද හැංගුවේ? දැම්මේ කියපු තැන නෙමෙයි ද?"
ඔවුහු සතුටින් සිනාසුනහ. "සාජන්ගේ උකුසු ඇස් වලට අහුවෙන්නෑ කියන්නේ... අයේ මොකෙකුටවත් හොයන්න බෑ".. "එතනම තමයි දැම්මේ යං මං පෙන්වන්නම්". අයෙකු ඉදිරිපත් විය...
දිගුදුර විහිදුම් කණ්ඩය තම වතුර බෝතලය පවා භුමියට අනුව වෙස් ගැන්වීම සිදුකරන්නේ නිරීක්ෂණ හැකියාවට වඩා තම ශිල්පීය දක්ෂතා තුළින් සතුරාට වඩා සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමනි. මෙහිදී ද සතුරා දිනකට මාර්ගය දෙපස නිරීක්ෂණ මුර සංචාර කොපමණ සිදුකළත්, කිසිදු ආකාරයකින් සතුරු ඇස නොගැටෙන්නට සමූහ සතුරු නාශක වෙඩි හා ඩෙටිකෝඩ් සගවා තැබුවේ ඒ සියල්ල ම එම භූමියේ ම කොටසක් සේ දිස්වන අයුරිනි...
විශේෂිතම සිදුවීම එය නොවේ.ඔවුන් එය සිදුකළේ රාත්‍රී කාලයේ වීමයි.. ඝන අන්ධකාරයේ අඩි සළකුණක් හෝ නොසිටින අයුරින් එවැනි කාර්යයන් කිරීම සැබැවින් ම ඔවුන්ගේ කුසලතාවය පෙන්නුම් කරන කදිම නිදසුනකි. දිගුදුර විහිදුම් සෙබළෙකු සතු ඉවසීමේ ගුණය, යමක් පෙර විනිශ්චය කිරීමේ හැකියාව, අධිෂ්ඨානය, පුහුණුව , දක්ෂතාවය හා පළපුරුද්ද මේ සියල්ලේ ම සුසංයෝගයෙන් නිර්මාණය වන්නේ ඉතා හොද සාර්ථක පිරිපුන් සෙබළෙකු බව පෙන්නුම් කරන්නට ඒ සමූහ සතුරු නාශක වෙඩි සැගවීම ම ප්‍රමාණවත් විය...
දින 3ක් බලා සිටියහ තුන්වන දින සවස පහට පමණ සතුරු නායකයන් රැගත් කැබ් රථයකට හා යතුරු පැදියකට එකවර පහර දී සිය අරමුණ ඉටුකර ගත්තේ හෙලූ දහඩිය හා කළ කැප කිරීමට සරිලන ප්‍රථිපලයක් අත් කරගැනීමට හැකිවීම ගැන උද්දාමයට පත් වෙමිනි...
ක්ෂණිකව පසු බැසීම ඇරඹුණි. සැරයන් ජයකොඩිගේ කණ්ඩායමට ආපසු ගමනේ දී හමුවු පළමු බාධකය වූයේ මාන්කුලම් තුනුක්කායි මාර්ගයයි. සතුරා දැඩි රැකවල් ඔවුන්ගේ අභ්‍යන්තර යොදා තිබූ නිසවෙන් ඉතා සුපරික්ෂාකාරීව එම මාර්ගය නිරීක්ෂණය කර සැරයන් ජයකොඩි රාත්‍රී නවයෙන් පසු එම මාර්ගයට ළගා වීමට තීරණය කළේ ය...
සතුරු භුමිය තුළ දිගුදුර විහිදුම් සෙබළෙකුට තම ජීවිතය පිළබද ඇති අවදානම එහීදී ඔවුන්ට හොදහැටි පසක් විය. එදින සවස් භාගයේ විමර්ෂනයේ දී හසු නොවුනු මාර්ග බාධකයක් රාත්‍රියෙහි එහි විය.......
"සාජන්... හවස රෙකියේදී මේක මෙතන තිබුනේ නෑ... හොදටම ෂුවර් .." එක් අයෙක් කීවේය.
"හරි.. හරි.. කෝප්‍රල් මට ඔයාව විශ්වාසයි.. මේක හවස් වෙලා දාලා තියෙන්නේ.. අපිව හොයා ගන්නකං උන්ට නින්ද යන්නේ නෑ..." සැරයන් ජයකොඩි කිව්වේ ඔහු අස්වසන්නට ය.
"ඉවරයි... සාජන් අපිව චෙක් වෙලා වගේ විස්සක් තිහක් මේ පැත්තට එනවා"
---මතු සම්බන්ධයි

Thursday, May 10, 2012
ඇස් ආදරෙන් පුරෝනා
ඇස් ආදරෙන් පුරෝනා - හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ - මා හදවතින් ම උමතු වී තියේ //
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ මා ළග නෑනේ
නුදුරේදි ම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ - නැළවෙනු මැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් පුරෝනා......
රැක ගන්නම් ජීවිතයම වාගේ
එක මොහොතක් හද ගත්තා නම් මාගේ
සැනහෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගේ හීනේ
නොසිදෙන මහ සාගරේ - තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් පුරෝනා...........
ඇස් ආදරෙන් පුරෝනා - කවීෂ කවිරාජ්

Saturday, May 5, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
"කිසිවිටකත් සතුරාට යටත් නොවන මා"... අපේ හමුදාවෙ ක්‍රියාන්විත පිළිබද ලියවුනු අපූරු ග්‍රන්ථයක්... ඒ ග්‍රන්ථයේ එක් කොටසක් වන ඇයි "උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මෙම බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා...
මේ කොටස ලියන්නේ මේජර් ශෘමින්ද අබේසේකර
කතාවේ පළවෙනි කොටස කියවන්න බැරිවුන අය ගිහිං කියවන්න
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
............සැරයන් ජයකොඩිට තම අණදෙන නිලධාරි දුන් ඔවදන් සිහි විය...
"සැරයන් ජයකොඩි.. මතක තියා ගන්න මේක බොහොම රහසිගතව ආරක්ෂිතව සිදුකළ යුතු මෙහෙයුමක්.. මෙච්චර කල් කරපු හැම ක්‍රියාන්විතයක් වගේම මේකත් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.."
විශේෂ බළකා පුහුණුව ලත් සොල්දාදුවෙකු සතු ඔහුටම ආවේණික වු ශිල්පීය දක්ෂතා තම පෙර අත්දැකීම් සමග එකට එකතු කරගනිමින් මෙම කණ්ඩය තම ඉලක්කය කරා ළගාවුයේ සතුරු භුමිය තුළ තම යුද මුලධර්ම මැනවින් පවත්වා ගනිමිනි.....
මෙහිදී විශේෂිත වන්නේ කණ්ඩායම සතුරු භුමිය තුළ සිටින බවට සැක සහිත සාක්ෂියක් එම භුමිය තුළ ඉතිරි නොකිරීමය. එනම් තම පා සළකුණු, කණ්ඩායම නැවතී සිටි ස්ථාන හෝ අවම වශයෙන් කැළය තුළ වු කුඩා පැළයකටවත් හානි නොවන්නට ක්‍රියා කරනුයේ ඒ සෑම ක්‍රියාවක්ම ක්‍රියාන්විත සාර්ථකත්වයට බලපාන නිසාය...
කෙසේ හෝ තමා සතු ශිල්පීය දක්ෂතාවය උපයෝගී කරගනිමින් කණ්ඩායම ඉලක්කගත භුමිය කරා ළගා වුහ.. නමුත්,ඒ 9 මාර්ගයට සතුරා දැඩි රැකවල් යොදා තිබුණි. ඒ ඔවුන්ගේ ප්‍රධානතම සැපයම් මාර්ගය හා නායකයින් ගමන් ගන්නා මාර්ගය වු බැවිනි... එසේ වුවද ඉතා සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසුව භුමිය තුළ ඇති ඉතා තුඩා වැලි කැටය පවා තම වාසියට යොදා ගැනිමින් සූක්ෂම ලෙස සමූහ සතුරු නාශක වෙඩි ස්ථානගත කර සැගවූයේ කිසිදු ආකාරයකින් සතුරාට නිරීක්ෂණය නොවන ලෙසටය....
තම කණ්ඩායමේ දෙදෙනෙකු දැමූ සමූහ නාශක වෙඩිවල ආරක්ෂාව තහවුරු කරගන්නට ගොස් ආපසු පැමිණි සැරයන්ගේ මුහුණෙහි ප්‍රශ්නාර්ථයක් ගැබ්ව ඇති බව දුටු සෙස්සෝ විමසිලිත් වූහ
"ඇයි සාජන් මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ඔව්....."
---මතු සම්බන්ධයි
___________________________________________________________________
අපේ රට රකින දේවතාවන් පිළිබද ලියවුනු මේ පොත ඔබලාත් මිලදී ගෙන කියවන්න
"කිසිවිටකත් සතුරාට යටත් නොවන මා"

Tuesday, May 1, 2012
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" මගේ ආසම පොත....මේක ලියලා තියෙන්නේ කර්නල් හරේන්ද්‍ර රණසිංහ... මේකෙ ලියවිලා තියෙන්නේ අපේ ආදරණීය යුධ සෙබළුන් අපේ ලංකා මාතාව බේරගන්න කරපු සටන ගැන... ඇත්තම ඇත්ත කථා.. ඔවුන් එකිනෙකාට ආදරය කළා.. සමහරු තමන්ගේ සගයා බේරගන්න ජීවිත පූජා කළා.. තමාගේ සොහොයුරන් සතුරන් අතට පත් වෙන්න දුන්නෑ... මේ පොතේ මගේ සිත් ගත් "ඇයි උඔලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද" කොටස ඔබ හමුවේ තබන්නම්................මේ කොටස ලියලා තියෙන්නේ මේජර් ගාමින්ද අබේසේකර
මගේ දේශය - මගේ ජාතිය
මගේ ආගම.. මට ලබාදුන් ත්‍යාගයයි
චන්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නෑමී යා නම්
එවන් සිරුරක් කුමකටද මට
ගෙලෙන් සිද එය ඉවතලනු මිස
වන්නි මානුෂීය මෙහෙයුම් මැද භාගයේදී ඊට සම්බන්ධවී සිටි සේනාංකයන් මන්නාරම් දෙසින් උතුරටත්, වන්නි ප්‍රදේශයෙන් උතුරටත්,වැලිඔය ප්‍රදේශයෙන් මුලතිව් දෙසටත් හා මුහමාලේ සිට අලිමංකඩ දෙසටත් ඇදෙමින් සිටියදී එම ක්‍රියාන්විතයන් හි සාර්ථකත්වයට පදනම පිණිස විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් වඩ වඩාත් සිදු කිරීමට විය. කොටි ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවයන් සහ පරිපාලන ජාලය බිද හෙළීමද මෙහි එක් අරමුණක් විය. ඒ විශිෂ්ට පරමාර්ථය නිසාවෙන් උපන් අතුරු කථාවකි මේ..
"සැරයන් ටිකකට නවතිමු ද."
"ඇයි කෝප්‍රල් මොකද උනේ.?"
"පැක් එක අවුට් ගිහින් වගේ".
ඔවුහු නිහඩව නැවතී මදක් විවේක ගන්නට වූහ. සැරයන් ජයකොඩි සමග දිගුදුර විහිදුම් කණ්ඩයේ සය දෙනෙකු මාන්කුලම් කොකාවිල් ඒ-9 මාර්ගයේ සතුරාගේ අධි ආරක්ෂිත කලාපය තුළ රැකසිට පහරදීමකට පැමිණියේ ය.
මෙහි ඉතිරි කොටස ලගදීම ඔබට ගෙන එමි..
මගේ පාසල ළගට වෙලා
හදවත පතුලේ සදා
තරු නිවා දමා - සද සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් - කල් ගෙවී ගියත්
හදවත පතුලෙ සාදා... මගෙ පාසැල ලගට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා
පන්තිය පාලුයි - කවුරුත් නෑ අද
අදුරු වැටී හිත හඩවනවා
මැවී මැවී ඒ - සොදුරු අතීතය
සිනා හඩින් මා පුබුදනවා
හදවත පතුලේ..........
කවුරුන්දෝ මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය - යහළුවනේ අද
කවදද යළි අපි හමුවන්නේ
හදවත පතුළේ සදා......
Subscribe to:
Posts (Atom)