Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, June 8, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? Last part

....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදා සෙබළුන් සිදු කළ ඉතා දුෂ්කර ක්‍රියාන්විත පිළිබදව ලියැවුනු අපූරු පොතක්..ඔවුන්ගේ හිතේ තිබුණු සහෝදරත්වය, ලෙන්ගතුකම....
කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියූ මෙම පොතේ එන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?" කොටසින් උපුටා ගත්තකි...


කළින් කොටස් කියවලාම එන්න...








ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part Six


______________________________________________________________________
                                                                 අවසාන කොටස


අනතුර සිදුවී තුන්වන දින දහවල ගෙවී යමින් තිබුණි. මේ අතර සැරයන් ජයකොඩි තම අවි සගවා අත්බෝම්බයක් පුපුරවාගෙන සතුරාට හසුනොවී මියයාමට තීරණය කරගෙන තිබුණි. නමුත් ඔහුට තිබුණු බාධකය වුයේ අත්බොම්බය පුපුරන ශබ්දයට සතුරා පැමිණ බලා පුෂ්පකුමාරවත් සේනාධීරවත් රැගෙන යාමට ඉඩ තිබීම ය. පුෂ්පකුමාර ද මේ අදහසට කැමති නමුත් සේනාධීර එතැනින්  එළවා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. දෙදෙනාම කෝප්‍රල් සේනාධීරට කැට මුගුරු වලින් ගැසුවෝ ය. නමුත් ඔහු නොවේ එතැනින් ඉවත් වූයේ.


"ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??" 


ඔහු ශෝකයෙන් ඇසුවේය. "මං උඹලාගේ එකෙක් නෙවෙයි ද? ඔහු සේනාධීර වහා අවියේ ආරක්ෂක ඇණය පහළට දා අවිය බිම දැමුවේ හුරු පුරුදු මුහුනක් සිනාමුසුව.." තව ටිකකින් මටත් තියනවා නේද??" යි ඇසූ නිසාවෙනි.


ඔවුන්ගේ ඇස් වලට කදුළු ඉනුවේය...


ඔහු දුටු සහායට පැමිණි කණ්ඩය ද මොහොතකට ගොළු වූහ.


" කෝ සැරයන් චන්ද්‍රසිරි.?"




(සැරයන් චන්ද්‍රසිර වෙඩි පහරවල් කාගෙනම කැඩුණු අතත් එල්ලාගෙන මූලස්ථානයට පණිවිඩය ගෙන ගොස් තිබුණි)


"බයවෙන්න දෙයක් නෑ.. එයා හොදින් ඉන්නවා";


සහායක කන්ඩායම වහා ප්‍රථමාධාර ලබාදී ඔවුන් ආරක්ෂිතව විහිළු තහළු කරමින් මානසික සමබරතාවයද රදවා ගනිමින් අනාරක්ෂිත සතුරු භුමියේම ආරක්ෂිත තැනකට ගෙන ගොස් ගුවන් මගින් අනුරාධපුර රෝහලට යැවිණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සතුරු භුමියට ගොඩ බස්සවා තුවාල සිදුවූ සෙබළුන් රැගෙන ආ පළමු අවස්ථාව මෙය වන අතර, ‍විශේෂ බළකාය ට දැක්වූ ඇල්ම මෙන්ම විශ්වාසය මත මෙවැනි අවදානම් ගමනකට ඔවුන් ඉදිරිපත් විය.


අතුරුදහන් වු කෝප්‍රල් ප්‍රියන්ත දින දෙකකට පසු තනිවම මිතුරු භුමිය වෙත පැමිණ ක්ලාන්තව ඇදවැටී සිටියදී සොයා‍ගෙන තිබුණ්. සැරයන් චන්ද්‍රසිරි ද තම කැඩුණු අත උර මත එල්ලාගෙන සැරයන් ජයකොඩි හා කෝප්‍රල් පුෂ්පකුමාර බැලීමට රෝහලට ගියේ ය........


___________________________________නිමි_____________
                                                                                 

No comments:

Post a Comment