Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Wednesday, May 23, 2012

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???Part Five

....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද  ලියැවුනු අපූරු පොතක්.... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය... දයාව... ලෙන්ගතු කම....සහෝදර බැදීම.....
තර්නල් හ‍රෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක් කොටසක් වන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා... ඒ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර........




මුලින් කියවපු අයට මතක් වෙන්නත්,, කියවපු නැති අයට දැන ගන්නත් කළින් කොටස් ටික කියවලා ම ‍එන්නකෝ.........

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? part one
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part two
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three
ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? Part four

______________________________________________________________________

මේ සියල්ල සැරයන් ජයකොඩිට මානසිකව දැඩිව බලපෑවේය. දැන් තමාගේ කණ්ඩායමේ අයෙක් මියගොස් තවත් අයෙක් මග ඇරී තිබුණි තමාටත් තවත් අයෙකුටත් දරුණු තුවාල සිදුවී තිබේ. මෙවන් අවස්ථාවක කණ්ඩා‍යමේ නායකයා ලෙස එම කණ්ඩායමේ වගකීම දැරීමට කොතරම් අධිෂ්ටානයක් තිබිය යුතුද...? ඔහු නොසැලී තම කාර්යය ඉටු කළේය.
නමුත් ඔහුගේ බරපතල තුවාල තත්වය නිසාවෙන් සැරයන් චන්ද්‍රසිරිට නායකත්වය ගෙන කටයුතු කරන්නට සිදුවුයේ ඉබේටම ය..


සතුරු ප්‍රහාරයෙන් හානියක් නොවූ සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තුවාල ලත් සැරයන් ජයකොඩි, කෝප්‍රල් පුෂ්පකුමාර හා මියගිය සගයා‍ගේ නිසල දේහය ද රැගෙන සතුරු භූමියේ ගැඹුරට ගමන් කරන්නට විය...


තුවාලකරුවන් දෙදෙනාගේ දරුණු තුවාල නිසා රාත්‍රියේ ගමන් කිරීම ඉතා දුෂ්කර විය. තම තුවාල වූ සෙබළුන් දෙදෙනාගේ ජීවිත වෙනුවෙන් කෝප්‍රල් චන්ද‍නගේ නිසල දේහය සතුරු භුමියේ සතුරාට නොපෙනෙන්නට සගවා යාම අකමැත්තෙන් හෝ කරන්නට සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තීරණය ‍කළෝය. ඒ වෙන විකල්පයක් නොවූ හෙයිනි..


මේ වන විට ගුවන් විදුලි යන්ත්‍රයට හානි සිදුවී තිබූ හෙයින් මූලස්ථානය සමග සම්බන්ධතා සම්පූර්ණයෙන් ඇණහිට තිබුණි. නිසැකවම සතුරා වනය පීරමින් තමන් හඹා එන බැව් දත් සැරයන් චන්ද්‍රසිරි ගමන ඉක්මන් කළේය. නමුත් ඉතා අමාරු තත්වයක සිටි තුවාලකරුවන් සමග ගමන් කිරීම ලෙහෙසි පහසු නොවීය...


"මාව දාලා පලයල්ලා.... පලයන් යකුනේ... උඹලටත් මැරෙන්න වෙයි... පුෂ්පයත් අරන් පලයන්..." සැරයන් ජයකොඩි සැරයන් චන්ද්‍රසිරිට අණ දුන්නේය..


"බෑ..... සාජන් එහෙම කරන්න බෑ.." එහෙම කරන්නෙත් නැහැ"


ඔහුගේ වචනවල දැඩි බව නිසා සැරයන් ජයකොඩි කට පියා ගත්තේය


"එහෙනම් මාවයි පුෂ්පයවයි හංගලා ඉක්මනට යන්න..."


"ඒක තමයි සාජන් මේ කරන්න හදන්නේ.... කෑ ගහන්න එපා.."


සැරයන් චන්ද්‍රසිරි කෝප්‍රල් සේනාධීර සමග එක්වී තුවාල ලත් තම සගයින් භූමියේ ඇති දෑ යොදා ගනිමින් සගවා අනතුරුව සතුරා මුළාකරන මං සළකුණු ඇති කරමින් ඉදිරියට ගමන් කළේය..


තමන් සිතූ පරිදි සතුරා කැළය පීරමින් එන හඩ සැරයන් ජයකොඩිට ඇසුණි..........................
__________________________________________
                                                                                මතු සම්බන්ධයි

No comments:

Post a Comment